Wednesday, April 20, 2016

හිස තෙල් ගෑමේ මංගල්‍යය


නිරෝගීී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ තෙල් හා නානු සකස් කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යමත් සාපත්‍යයට මුළුමනින්ම උර දෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය.
මුළු ගමටම තෙල් හා නානු සකස් කොට බෙදා දෙනු ලබන්නේ ද පන්සලයි. මෙය ඒ සඳහා කේන්ද්‍රස්ථානයයි. උදයේ ම පන්සලට ගොස් තෙල් හා නානු ගෙන ඒම ඉපැරණි සිරිතයි. මෙයට දශක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදාය රටපුරා හැම පන්සලකින්ම සිදු කෙරුණ ද, අද එය ගමේ පන්සලෙන් දුරස්ව ගොස් නිවෙස්වලට පමණක් සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක හාමුදුරුවන් මේ පැරණි සිිරිතට මූලිකත්වය දෙමින් හිසට තෙල් හා නානු සකස් කිරීම ගැන ද අප පැසසිය යුතුය
පැරැණි පුස්කොළ පොතක වට්ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ -
කලාඳුරු අල, කංකුනප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳ ගනු ලැබේ. ඉන්පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගනු ලැබේ. එයින් ලැබෙන දියරය නානු ලෙසද භාවිතා කෙරේ.හිස තෙල් ගාන උළෙලේදී මේ මහෞෂධ තෙල් හිසට ගල්වා ගන්නේ ද නිරෝගී වැඩිහිටියකු ලවාය. එසේ නැත්නම් ගෙදර බුදුන් ලෙස සලකන දෙගුරුන් ලවාය. එසේත් නැත්නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නැත්නම් නායක හාමුදුරුවන් ලවාය.
සිවු දිසාවේ වෙසෙන ඥතීන් නිවෙස්‌වලට පැමිණෙන්නේ ද හිසතෙල් ගාන අවුරුද්දටය. බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමැඳ හිසට තෙල් ගාවා ගැනීම අද බොහෝ පළාත්වල සිදුවන අනගි චාරිත්‍රයකි. හිසට තෙල් ගා ගෙන ස්‌නානය කොට අලුත් වස්‌ත්‍රවලින් සැරසී එකට හිඳ ආහාර අනුභවය ද හිස තෙල් ගාන දිනයේ සිදුවේ. හැම මුහුණකම සතුට පිරි සෞභාග්‍ය පතා ඊළඟ වසර එළැඹෙන තුරු ජීවිතයට කිසිදු උපද්‍රවයක්‌ ව්‍යසනයක්‌ නොමැතිව ජීවත්වීමට ප්‍රාර්ථනා කිරීම මෙහි තේමාවයි. නිමිත්තයි.
හිසතෙල් ගෑම සඳහා යොදා ගන්නා තෙල් වර්ග -
තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට තෙල සකසනු ලැබේ. මේ තෙල් හා නානු හිසට ගා නෑම සිදු කිරීම හිසතෙල් ගෑමේ උළෙලේ සමාප්තියයි. මේ සඳහා උපයෝගී කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාඛ සාරයයි. සොබා දහමෙන් මිනිසාට ලැබී ඇති මේ අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යයක් ද ? එයින් විදහා පාන්නේ ජීවක ගුණයයි. මිනිසාගේ හිසේ රෝග නිවාරණයට හිසේ තෙල් ගෑම හේතු කාරක වේ. හිසේ නිතර වේදනාව, අව්වේ යාම අගුණවීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට හිසේ තෙල් ගෑම අතිශය ගුණදායක වේ. බටහිර වෙදකමේ ද නැති මේ මහාසාර හිස ගැල්වීමෙන් අපට දැනෙන්නේ අමුතු සිසිලකි. සුවයකි.
කොහාගේ සුමිහිරි නාදයත්, එරබදු මල්වල පිපීමත් සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමක්ය. කාලය අනුව ඒවා ද පිපී ඇත්තේ වසරක් ගෙවී තවත් වසරක් එළැඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක් වශයෙනි. සතුට සියල්ලන් අතර බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදිය තුරන් කර සාමුහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි. නිරෝගී ජීවිතයක් උදෙසා නිරෝගීමත් වැඩිහිටියෙකු ලවා නැකතට හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය. වත්මන් ලෝකයේ තිබෙන විවිධ උත්සව අතර සිංහලයන් හා හින්දු භක්තිකයන් විසින් සමඟි දමින් බැඳීි පැවැත්විය හැකි එකම උත්සවය මේ බක්මහ උළෙලයි.
කර්තෘ : Nilakshi Bandara

Tuesday, April 19, 2016

2030 දී අයිස් යුගයක්

#Mini_Ice_Age_in_2030_2030දී_අයිස්_යුගයක්!

චක්‍රීයව කලින් කලට සිදුවන සූර්ය ක්‍රියාකාරිතවයේ අඩුවීම නිසා තව වසර 15කින් එනම් 2030 වසර වනවිට පෘථිවිය කුඩා අයිස් යුගයක් වෙත යොමුවන බව සූර්ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන විද්‍යාඥයින් පවසනවා. මීට පෙර මෙවැනි කුඩා අයිස් යුගයක් මීට වසර 300කට පෙර එනම් 1645දී ආරම්භවූ අතර එය වසර 30ක් එනම් 1715 තෙක් පැවතුනා.

සූර්ය ක්‍රියාකාරිත්වය පිලිබඳව අනාවැකි පලකල හැකි ගණිතමය මොඩල (mathematical models) ආධාරයෙන් විද්‍යාඥයින් මෙම අනාවැකිය පලකරන අතර මෙවැනි මොඩලවල නිරවද්‍යතාවය ඉතා ඉහල තත්වයකට ගැනීමට නූතන පර්යේෂණ හා සූර්යා නිරික්ශණය කරන චන්ද්‍රිකා වලින් ලැබෙන දත්ත ආධාරයෙන් හැකිවී තිබෙනවා.

දැනටමත් මෙම ක්‍රියාවලිය ආරම්භවී ඇති බව පවසන විද්‍යාඥයින් හිරුගෙන් නිකුත්වන තාපය ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවත්, 2030 වනවිට හිරුගේ ක්‍රියාකාරිත්වය 40%කින් පමණ අඩුවෙනු ඇති බවත් පවසනවා. වසර 10-20ත් අතර කාලයක් මෙම අවම ක්‍රියාකාරිත්වයෙන් පැවතී නැවතත් ක්‍රමයෙන් හිරු උණුසුම්වීමට පටන්ගනු ඇති.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

අඩි 31 දිග දැවැන්ත කිඹුලෙක් හමුවෙයි

මෙතෙක් පෘථවියෙන් වාර්තාවූ විශාලතම කිඹුල් පොසිලය ටියුනීසියානු කාන්තාරයෙන් සොයාගෙන තිබෙනවා. නැෂනල්් ජියෝග‍්‍රෆික් වෙබ් අඩවිය වාර්තා කළේ මෙම කිඹුල් පොසිලය දිගින් අඩි 31ක් බවයි. වසර මිලියන 120 ක් පැරණි මෙම පොසිලය බස් රථයකටත් වඩා වැඩි විශාල බවද එම වාර්තාවල දැක්වෙනවා. ඉතාලියේ බොලොන්ගා සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම කැනීම සිදුකර තිබුණා. එහි විශාලත්වය අනුව හිස කොටස පමණක් පාදා ගැනීමට පැය 48 ක් ගතවී තිබෙනවා.

මෙම කිඹුලා මිරිදිය කිඹුලකු ලෙස හදුනාගෙන ඇති අතර එම සත්ත්වයාගේ බර රාත්තල් 17 ,500 ක් වන්නට ඇති බවයි ගණන් බලා ඇත්තේ. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම කිඹුලා අඩි 40 ක් පමණ වැඩීමේ හැකියාවක් පැවති සත්ත්වයකු බවද හෙලිකරගෙන තිබෙනවා.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

සිලිකා ජෙල් පැකට්ටුවේ ප්‍රයෝජන

සිලිකන් ජෙල් පැකට් වලින් ගතහැකි අපූරු ප්‍රයෝජන
ඔබ සපත්තු බෑග් වැනිදේ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද? ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ විසිකිරීමට පෙර දෙවරක් හිතා බලනු ඇති. ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.
තෙමුනු ජංගම දුරකථන වියලා ගැනීමට
ජංගම දුරකථනය ජලයෙන් තෙමුනා නම් එහි බැටරිය, මෙමරි කාඩය ඉවත්කර සිලිකා ජෙල් පැකට් කීපයක් ඇති භාජනයක රැයක් තබන්න. උදෑසන වන විට සියළුම ජලවාෂ්ප උරාගෙන ජංගම දුරකථනය වියලිව තිබේවි.
රැවුල කපන රේසර් තල ජීව කාලය දිගු කිරීම
රේසර් කියන්නේ භාවිතා කිරීමේදී නිතරම ජලයෙන් සෝදනු ලබන්නක්. මේ නිසාවෙන් තලය ඉක්මනට මල කන්න පුළුවන්. නමුත් මේ සිලිකා ජෙල් සහිත පැකට් කීපයක් ඔබේ රේසර් දැමූ පෙට්ටියට ජෙලි පැකට් කීපයක් දැමීම මගින් ජල වාෂ්ප උරාගෙන තලය මල කෑමෙන් වලක්වා ගෙන කැපුම් හැකියාව කල් පවත්වා ගන්න පුළුවන්.
. මීදුම බැදුනු වාහන විදුරු
වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත සිලිකා පැකට් කීපයක් තැබීමෙන් විදුරුවෙහි මීදුම් බැදීම අවම කර ගන්න පුළුවන්.
. ඔබේ ඇදුම් බෑග වියලිව තබන්න.
ඔබේ ඇදුම් බෑගය වියලිව තබන්නට එයට ජෙල් පැකට් කීපයක් දමා තැබීමෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්.
කර්තෘ : තුෂාරි ප්‍රියන්ගා

යෝධ පිටසක්වල යානාව



ග්‍රහලෝකයක් තරම් විශාල අභ්‍යවකාශ යානා ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දැක ඇතිවාට සැකයක් නැහැ. නමුත් 2015 වසරේදී සත්‍ය වශයෙන්ම එවැන්නක් සොයාගත් බවට ආරංචි පැතිර ගිය. එය සිදුවුනේ  KIC 8462852 නමැති තාරකාවෙන් නිකුත්වන ආලෝක තත්වයේ සාමාන්‍ය වෙනස්වීමක් නිර්ක්ෂණය වීමත් සමගයි.  මෙලෙස තරුවක ආලෝකය නිකුත් වීම වෙනස් වන්නේ එයවටා ග්‍රහලෝකයක් ගමන් ගන්නේ නම් හෝ එය අසන්නේයෙන් වෙනත් තරුවක් ගමන්ගන්නේ නම් යන කරණා දෙක නිසාවෙනි. නමුත් මෙම කාරනා දෙකම නොමැතිව ඉහත තරුවේ ආලෝකයේ වෙනස්වීම නිර්ක්ෂණය වීම පුදුමයට කරුණක් වුනා.

බොහෝ දෙනා විශ්වාශ කලේ එය පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කරන ලද කිසියම් විශාල යානාවක් වන්නට පුළුවන් බවයි.  නමුත් අවසානයේදී සත්‍ය අනාවරණය වුනා. එනම් මෙමෙ සිදුවීමට හේතුව එකට ගමන් කරන උල්කාපාත ගොන්නක් මෙම තාරකාව වටා ගමන් කිරීමයි.
කර්තෘ : Aluth Pushparatna

මොන පොල් බෑයද?



කාලෙකට කලින් ලියලා පල කරන්න බැරි වෙච්ච ලිපියක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා මට හිතුනා ඒක ටිකක් සුද්ද බුද්ද කරලා පල කලා නං හොඳයි කියලා. මේක මේ මම පත්තරේක දැක්ක පොඩි තීරු ලිපියකින් උපුටා ගත්තු කෑල්ලක්. එහෙනං කියවලා බලමුකෝ.

වෙනදා වගේම අදත් බස් එකේ පෑ තුනක් විතර ගත කරලා ගෙදර ආවා. ඇවිදින් ඇදුම් මාරු කරලා ඇඟපතකාරිය හෝදගෙන උනු උනු ප්ලේන්ටියකුත් හදාගත්තා. ප්ලේන්ටිය බොන ගමන් සාලේ ස්ටූල් එක උඩ තිබ්බ අම්මා බලන සිරිකත පත්තරේ දැකලා තේක පැත්තකින් තියලා පත්තරේ බලන්ඩ ගත්තා.

පත්තරේ මුල ඉදන් අගටම තියෙන්නේ  එක එක කෑම ජාති හදන හැටි මේකප් දාන එවුවා මෙව්වා ඇඳුම් මෝස්තර එහෙම.කියවන්ඩ කියලා එහෙමට දෙයක් ඇත්තෙම නෑ... බවලත් උදවියගෙම පත්තරයක් නෙව.

ඔහොම පත්තරේ පෙරල පෙරල ඉන්නකොට එක ලිපියක් මගේ ඇහැ ගැටුනා.

ඒ ලිපියේ තිබ්බේ මේකයි,

පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. ගෑනු පොල් බෑය ඉස්සෙල්ලහම ගාන්ඩ හොඳ නෑලූ.
(ඇහි තුනක් තියෙන පැත්ත ගෑනු බෑය වන අතර අනෙක් බෑය පිරිමි බෑය වේ. )

එහෙම ඉස්සෙල්ලාම ගෑනු පොල් බෑය ගෑවොත් ගෙදර ස්වාමිපුරුෂයාට හොඳ නෑලූ.

ඔන්න ඔය කතාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මත් කාටදෝ මන්දා කියනවා ඇහිලා තියෙනවා.
මොකද හිතෙන්නේ ඒක ඇත්තක් ද ?

නෑ.. ඒක මිත්‍යාවක් ලූ. !!!

එහෙම දෙයක් නෑලූ.පොල් ගෙඩිය බින්දහම ඉස්සෙල්ලම ගෑනු බෑය ගාන එක හොඳයි කියලා තම පත්තරේ ඒ ලිපියේ තිබ්බේ. ඒකට හේතු විදිහට දීලා තියෙන්නේ ගෑනු බෑයේ ඇහි තුනක් තියෙන නිසා ඉක්මනින්ම නරක් වෙන්ඩ පුලුවන් ලූ. ඒ නිසා ඒක මුලින්ම ගාලා ඉවර කරන එක හොඳයි ලූ.

මට ඒ ලිපිය කියෙව්වහම හිතුනේ අපි අතර මෙන්න මේ වගේ බැහැර කළ යුතු මිත්‍යාවන් කොච්චරක් නම් කියලා තියෙනවද ?
කර්තෘ: සුජී මධුමාලී

එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක්බියර්ඩ්



 
 එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක් බියර්ඩ් යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකා ජනපදවල නැගෙනහිර වෙරළේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි මුහුදු මංකොල්ල කරුවෙකි. ඔහු උපන්නේ 1680 දී එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී බවයි සැලකෙන්නේ..
 
   මොහු 1716 දී පමණ බෙන්ජමින් හෝනිගෝල්ඩ්ගේ නාවික කණ්ඩායමට බැදුණි. පස්සෙ කාලෙකදී හෝනිගෝල්ඩ් අල්ලගත්ත නැවක අණදෙන නිලදාරියා වශයෙන් එඩ්වඩ් ටීච්ව පත් කලේය. කාලයාගේ ඇවෑමෙන් හෝනිගෝල්ඩ් කොල්ලකාර ජීවිතයට විශ්‍රාම දීමට තීරණය කලේය. මෙයින් ටීච්ගේ පාලනයට තව නැවක් ලැබුනේය.( හෝනිගෝල්ඩ් ඇණදුන් නැව) ටීච් විසින් ප්‍රංශ වෙළෙඳ වැවක් අල්ලා ගෙන එය ක්වීන් ඈන්ස් රිවෙන්ජ් ලෙසින් යළි-නම්කොට, එහි කුවක්කු 40 ක් සවි කළේය.

  ඔහු බොහෝ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවෙක් වූ අතර, ඔහුගේ විරුදනාමය ව්‍යුත්පන්න වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය උපදවන පෙනුම නිසාය; ඔහුගේ සතුරන් බියගැන්වීම සඳහා දැල්වූ ‍සේව නූල් තම තොප්පියට ‍යටින් සවි කර ගෙන සිටි බව කියැවේ. මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධානයක් පිහිටවූ ඔහු චාර්ල්ස්ටන්, දකුණු කැරොලයිනා වරාය වටලා අවරෝධ පැනවීය. එහි වැසියන්ගෙන් සාර්ථක ලෙසින් කප්පම් ලබා ගැනීමෙන් පසුව, ඔවුන් වෙතින් ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නැව, උතරු කැරොලයිනාවේ බෙයිෆර්ට්හී වැලි කන්දක ඇමිණිනි.

බොනට් හා පැවති ව්‍යාපාරික සම්බන්ධතාවයෙන් මිදුණු ඔහු, බච් නගරයේ පදිංචිවූ අතර, එහිදී ඔහු රාජකීය සමාවක් බාර ගත්තේය. එහෙත් යළි මුහුදු කොල්ලයේ යෙදීම ඇරඹූ ඔහු පිළිබඳ අවධානය වර්ජීනියාවේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් වෙත ඇති විය. මුහුදු කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා සොල්දාදුවන් හා නාවිකයන් කණ්ඩායමක් පිළියෙල කිරීමට ස්පොට්ස්වුඩ් යුහුසුළුවූ අතර, 22 නොවැම්බර් 1718 වන විට එසේ කිරීමට ඔවුහූ සමත් වූහ. දරුණු සටනක් තුලදී, ලුතිනන් රොබට් මේනර්ඩ් විසින් මෙහෙයවුනු නාවිකයන් කුඩා බලකායක් විසින් ටීච් සහ ඔහුගේ පිරිස මරා දැමිණි.

සූර සහ කපටි නායකයෙකු වූ ටීච්, බලය යෙදීම බැහැර කොට, ඒ වෙනුවට ඔහුගේ බියජනක පෙනුම භාවිතා කොට ඔහු විසින් සොරකමට පාත්‍රවූවන්ගෙන් බලාපොරොත්තු වූ දේ ලබා ගති. සාම්ප්‍රදායික ක්‍රෑර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහු වර්තමානයේ දැක්වීමට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔහුගේ යාත්‍රා වලට අණ දීමේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව එය සිදු කල අතර, ඔහුගේ අත් අඩංගුවට පත්වූවන්හට හිරිහැර කල බවක් හෝ මරා දැමූ බවක් හෝ වාර්තා නොමැත. ඔහුගේ මරණයෙන් පසුව බහුමනට පාත්‍රවූ අතර මුහුදු කොල්කෑම-තේමා කර ගත් ප්‍රභේද කිහිපයක ප්‍රබන්ධ කෘතීන් සඳහා පෙළඹවීම් ඇති කිරීමට සමත් විය.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු