Monday, August 29, 2016

මන්දගාමී අලසයා - ස්ලොත්



මධ්යම සහ දකුණු ඇමරිකානු වනාන්තර වල තමයි ස්ලොත් බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. මිට අමතරව ඝර්ම කලාපිය වනාන්තර ආශ්රිතවත් මෙම අපූරු සත්වයා දක්නට ලැබෙන බවයි සත්ව විද්යාඥයින් පවසන්නේ. වලස් පවුලට නෑකම් කියන ස්ලොත් සම්පුර්ණයෙන්ම ශාක භක්ෂක සත්වයෙක්.

ජීව විද්යාත්මක නාමය “ෆොලිවෝරා” (Folivora) ලෙස හැඳින්වෙන ස්ලොත්ගේ ගර්භනී සමය දින 183 වන අතර, සාමාන්යයෙන් වැඩුන සතෙකුගේ දිග සෙ.මි. 45 – සෙ.මි. 80 අතර වෙන බව සොයාගෙන තිබෙනවා. අලුත උපන් පැටියෙක් මවගෙන් කිරි බොන මුල් සති හතරත් හයත් අතර කාලයේදී මවගේ ඇඟේ එල්ලී සිටිනවා. ඉන්පසු මාස පහේ සිට අටවන තුරුත් මව්ගේ ඇඟේම එල්ලී සිටීම තමයි උන්ගේ පුරුද්ද. ඒ කාලයේදී මව දිරවීමට පහසු ළපටි කොළ, දළු ආදියෙන් පැටියාව පෝෂණය කරනවා. පැටවා මවගේ ඇඟේ එල්ලී සිටියදීම, තමන්ට අවශ්ය කොළ දළු කඩාගෙන කන්න ස්ලොත් මවට පුළුවන්. මේ කාලය අතරතුරේදී මව උන් ජීවත් වන වටපිටාවට පැටියාව හුරු කරනවා.
සාමාන්යයෙන් දිගු ලෝම සහිත සිරුරක් ස්ලොත් සතු වෙනවා. නමුත් ඒ ඒ සතුන් වෙසෙන ප්රදේශ අනුව ලෝම වල ප්රමාණය වෙනස්විය හැකි බව තමයි පැවසෙන්නේ.

ස්ලොත් කියන්නේ ලෝකයේ ඉන්න ඉතා සුන්දර, අහිංසක, මන්දගාමි සත්වයෙක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි. ස්ලොත් යන ඉංග්රීසි පදයේ අර්ථය වන්නේද අලසකම යන්නයි. ස්ලෝත්ගේ ගමන් කිරීමේ උපරිම වේගය විනාඩියට මීටර 2 ක්, ඒ කියන්නේ පැයට මීටර 120ක් වගේ ප්රමාණයක්. ඒ විතරක් නෙමෙයි ස්ලොත් සාමාන්යයෙන් දිනකට පැය 15 – 18 කාලයක් නිදාගන්නවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද මෙයාගේ අලසකම කොච්චරද කියලා?
ස්ලෝත්ගේ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි, හැම වෙලාවේම ගස් වල එල්ලී සිටින එක. තම ජිවිතයේ බොහෝ කාර්යයන් මේ සතා කරන්නේ – ඒ කියන්නේ, කන්නේ – බොන්නේ, නිදාගන්නේ, පැටව් බිහිකරන්නේ ගසක එල්ලිලයි. උන්ට මෙසේ එල්ලී සිටීමට උපකාරවත් වන්නේ අඟල් තුනක් දිග ඇඟිලි හා නියපොතුයි. මේ සතා ගස් වල එල්ලි සිටින්නේ පිට යටට සිටින ඉරියවවෙනුයි. මධ්යම ඇමරිකාවේ කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව උන්ට තර්ජනයක් නොවන්නේ, උන්ගේ ලොම් පිහිටා තිබෙන ආකාරය නිසයි. උන්ගේ ලොම් වැඩී තිබෙන්නේ උදරයේ සිට පහතට නිසා වතුර නොරැඳී පහතට රූරා වැටෙනවා. පොළොවේ ගමන බිමන අපහසු වුණත් ගස් උඩ ඌ හෙමින් සීරුවේ ඒ මේ අත හමන් කරනවා දකින්න පුළුවන්. මීට අමතරව පිහිනීමට ඇති හැකියාව ස්ලොත් තුළ තිබෙන සැඟවුණු කුසලතාවක්.

Kanchana Dissanayake

-ඉදිරිපත් කිරීම : කරුවල බැද්ද

අනුරාධපුර යුගය



වසර 100 කට වඩා වැඩි කාලයක්‌ දෙස්‌ විදෙස්‌ පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානයට පාත්‍ර වූ මර්මස්‌ථානයක්‌ ලෙස අනුරාධපුරය පෙන්වා දිය හැකිය. ගොඩනැඟිලි නෂ්ටාවශේෂ හා මූලාශ්‍රගත තොරතුරු උපයෝගී කර ගනිමින් යටත් විජිත පාලන සමයේදී අනුරාධපුර ඉතිහාසය අධ්‍යයනය කරන ලද විද්වත්හු අනුරාධපුරයේ ඉතිහාසය වසර 2500 ක්‌ පමණ පැරැණි යෑයි පෙන්වා දුන්හ. බොහෝ විද්වතුන්ගේ මතය වූයේ උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය සමඟ පැමිණි ඇමැතිවරු වූ අනුරාධ ඇමැති කොලොම්හොය ඉවුරෙහි (වර්තමාන මල්වතු ඔය) අනුරාධ ග්‍රාමයත්, උපතිස්‌ස ඇමැති ගම්භීර නදී නිම්නයේ (වර්තමාන කනදරා ඔය) ආසන්නයේ උපතිස්‌ස ග්‍රාමයත් පිහිටුවීමෙන් අනතුරුව අනුරාධපුරය ඇසුරින් ජනාවාස වීම් ආරම්භවී ඇති බව ය. (මව ඪVii( 43 - 45)

යටත් විජිත පාලන සමයේදී අප රටේ ජන විඥානයට කාවද්දනු ලැබූ මෙම මතවාදය අද වන විටත් ප්‍රබල ලෙස සමාජගත වී තිබීම නිසා පාසල තුළත්, විශ්වවිද්‍යාලය තුළත් පරිබාහිර සමාජයේ බොහෝ දෙනකු ශ්‍රී ලාංකීය ජන සම්භවය හා සංස්‌කෘතිය සඳහා උතුරු ඉන්දීය ජානගත සම්බන්ධතාව පෙන්වා දීමට පමණක්‌ කටයුතු කරනු පෙනේ. නමුත් මේ තත්ත්වයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව මුල් වරට විමර්ශනය කිරීමට පෙළඹෙනු ලබන්නේ පශ්චාද් යටත්විජිත සමයේදී අනුරාධපුරය පැරැණි නගරය තුළ ආරම්භ කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණ තුළිණි. පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල සහ පී. ඩී. සෙස්‌තියරි විසින් අනුරාධපුර ඇතුළුපුරයේ ඊසාන දිග භූමි භාගයේ ගෙඩිගේ ප්‍රදේශය ආසන්නයේ සිදුකළ කැණීම්වල දී පස්‌ ස්‌ථර ඇසුරින් හමු වූ විවිධ මැටි භාජන වර්ග අනුරාධපුර ආදී ඉතිහාසය අයත් සංස්‌කෘතීන් නියෝජනය කරන ඒවා බව උපකල්පනය කරන ලදී. ඒ අතරින් මටසිළුටු අළු පැහැ බඳුන් (රූලේටඩ් බඳුන්) කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. (Deraniyagala P.E.P.( 1958 : 1959) පී. ඊ. පී. දැරණියගල හා සෙස්‌තියරි ආරම්භ කරනු ලැබූ පර්යේෂණවල ප්‍රතිඵලය අපට දැන ගැනීමට ලැබෙනුයේ 1969 වර්ෂයේ දී ශිරාන් දැරණියගල සිය පියා හා සෙස්‌තියරි අත් හරිනු ලැබූ ආදිතම ඓතිහාසික සමතලයට ළඟා නොවූ ඇතුළුපුර පස්‌ ස්‌ථර ලිත කැණීම් අනුව කැණීම් කොට ස්‌ථර ආශ්‍රයෙන් හමු වූ විවිධ භෞතික සංස්‌කෘතික තොරතුරු අනුව ප්‍රාග් අනුරාධපුර සංස්‌කෘතිය එතෙක්‌ පිළිගත් සීමාවෙන් ඔබ්බට ගමන් කරන බව පෙන්වාදීම තුළිණි. (Deraniyagala:
1972; 1992)

       

ලේඛනගත ප්‍රභවයන්ට අනුව විජයගෙන් ආරම්භ වූ බව සඳහන් අනුරාධපුර ඉතිහාසය එම කාල සීමාවෙන් තවත් සහශ්‍ර වර්ෂ තුනහමාරක්‌ පමණ එනම් අවුරුදු 3400 ක්‌ ඈතට ගමන් කරන බව AG, ADB, ASW, AMP ආදී ස්‌ථාන නාම යටතේ අනුරාධපුර ඇතුළුපුරයේ සිදු කරනු ලැබූ කැණීම් සාධකවලට අනුව දැරණියගල පෙන්වා දෙනු ලැබීය. දැරණියගලගේ පර්යේෂණ දත්ත අනුව පැහැදිලි වන්නේ වර්තමානයේ ඇතුළුපුරය තුළ මුල්ම පදිංචිකරුවන් ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා වැසියන් වන බවය. වර්තමාන මතුපිට පොළොව මට්‌ටමේ සිට අඩි 40 ක්‌ පමණ පොළොව අභ්‍යන්තරයේ පිහිටන මව් පාෂාණය මතින් ආරම්භ වන රතු දුඹුරු පැහැ (Reddish Brown
Earth) බොරළු පස්‌ තට්‌ටුවේ අදින් අවුරුදු 5900 කට පෙර (ක්‍රි. පූ. 3900) දී එම භූමියේ ජීවත් වූ බලංගොඩ මානවයා වශයෙන් හැඳින්වෙන හෝමෝ සේපියන් සේපියන් විසින් භාවිත කරන ලද ශිලා මෙවලම් සොයාගෙන ඇත. (Deraniyagala: 1972; 1992) විවිධ ජ්‍යාමිතික හැඩවලට සකස්‌ කරනු ලැබූ මෙම ශිලා මෙවලම් කහඳ හා තිරුවානා භාවිත කොට සකස්‌ කොට තිබෙන ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (Microlithics) වශයෙන් හඳුනාගෙන තිබේ.

අනුරාධපුරයේ ඇතුළුපුරයේ අදින් අවුරුදු 5900 කට පෙර ජීවත් වූ මධ්‍යශිලා යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කරනු ලැබූ මයික්‍රොලිතික ගල් ආයුධවලට සමානතා ඇති කහඳ හා තිරුවානා පාෂාණවලින් නිර්මාණය කරනු ලැබූ ශිලා මෙවලම් ඇතුළුපුරයෙන් දකුණු දිග භූමි වන ෙ-තවන විහාරය ආශ්‍රිතව JSMP 2002, JSWMP 2003,, JSOWP 2003 ස්‌ථාන නාම යටතේ සිදු කරන කැණීම්වලදී 2006 වසරේ වෙස්‌සගිරිය ආශ්‍රිතව සිදු කළ VGHL EX 01 කැණීමෙන් ද ලැබී තිබේ. ඒ අනුව ඇතුළුපුරයෙන් පමණක්‌ නොව ඉන් හාත්පස පිහිටි භූමි භාගවල ද රතු, දුඹුරු පාංශු කලාපයේ ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් මධ්‍යශිලා යුගය නියෝජනය කළ බලංගොඩ මානවයා වාසය කළ බවට සාධක වාර්තා වී තිබේ. (මැන්දිස්‌ 2009) මේ නිසා අනුරාධපුරයේ මුල්ම පදිංචිකරුවන් විජය මෙරටට පැමිණීමට අවුරුදු 3400 කට පෙර ජීවත් වූ මධ්‍යශිලා යුගය නියෝජනය කරන මානවයන් වූ බව මෙම භෞතික සංස්‌කෘතික තොරතුරුවලින් පැහැදිලි වේ.

ප්‍රාග් අනුරාධපුර යුගය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මධ්‍ය ශිලා මානවයින් ජීවත් වූ වකවානුවට පසුව අනුරාධපුරය වාසභූමි කරගනු ලබන්නේ පූර්ව ඓතිහාසික (Proto) යකඩ යුගයේ ජන කණ්‌ඩායම් ය. අදින් අවුqරුදු 3000 කට පෙර (ක්‍රි. පූ. 1000) එනම් විජය පැමිණීමට ශත වර්ෂ 5 කට පෙර මෙම සංස්‌කෘතිය අනුරාධපුරයේ ක්‍රියාත්මක වී තිබේ.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතික අවධිය අප රටේ සංස්‌කෘතියේ හැඩ ගැසීම් යුගය වශයෙන් හඳුනාගත හැකි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත. ((Seneviratne: 1996) මෙම තාක්‍ෂණික සංස්‌කෘතික අවධියේ විශේෂත්වය වන්නේ ඊට පෙර පැවැති යුගයට වඩා තාක්‍ෂණයේ දැක ගත හැකි දියුණුවයි. එහි ප්‍රධාන තාක්‍ෂණය වූයේ ලෝහ තාක්‍ෂණයයි. තාක්‍ෂණයක්‌ ලෙස ලෝහ මෙම සංස්‌කෘතික පිරිස භාවිත කිරීම නිසා පරිසරය ජය ගැනීමට වඩා පහසු විය. ලෝහ තාක්‍ෂණය මූලික කරගත් පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ අර්ධද්වීපික දකුණු ඉන්දියාවෙන් බව පුරාවිද්‍යාඥයන් පෙන්වා දී තිබේ. (Seneviratne: 1984 : 1996) දැනට සිදුකර ඇති පර්යේෂණ දත්ත අනුව මුල් යකඩ යුගයේ මෙම සංස්‌කෘතිය දකුණු ඉන්දියාවේ ක්‍රි. පූ. 1800 දී (අදින් අවුරුදු 3800) ක්‍රියාත්මක වූ බව ආදිච්චනල්aලූර් මෙගලිතික සොහොන් භූමිය ආශ්‍රිත පර්යේෂණවලින් පැහැදිලි වන බව ආචාර්ය සත්‍යමූර්ති ප්‍රකාශ කොට තිබේ. නමුත් මෙම පර්යේෂණවලට පෙර දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්‌කෘතිය ක්‍රි. පූ. 1200 (අදින් අවුරුදු 3200) පමණ දී ක්‍රියාත්මක වූ බව මහාචාර්ය රාජන් හා ජී. පසෙල් පෙන්වා දී තිබේ.

- අනූෂා තුෂාරි


Saturday, August 27, 2016

රෝසමලේ අතීතය
රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ. චීනය, ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ. රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි. රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය. මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බිහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත. එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.



කැලෑ රෝස
අතීතයේ සිට මිනිසා සමග පැවති වර්ගයකි. පුරාණයේ යම් යම් රෝග සදහා රෝසමල් පෙති තම්බාගත් ජලය ප්‍රයෝජනයට ගැනීම නිසාත් කැලෑවල විශාල ලෙසට වැවෙන නිසාත් මේ නාමය භාවිතා විය.මීට අමතරව ඩැමෙස්කස්, ගැලීකා ලෙසට ද කැලෑ රෝස වර්ගීකරණය වේ. රෝසා වැන්කසීසා නමින් හැදින්වෙන වර්ගය වැලක ආකාරයට වැවේ.වර්ණයෙන් සුදු සහ කහ පැහැයෙන් යුක්තය.මේ රෝස වර්ග අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ වර්ගයකි. මීට අමතරව වර්තමානයේ දැකිය හැකි රෝස වර්ග කීපයකි. මේවා මල්වල පැහැය හැඩය වර්ණය අනුව වර්ගීකරණය කොට ඇත.
උපුටා ගැනිම: විකිපීඩියා
post by-:Mvs Darshana

Friday, August 26, 2016

පැන පැන යන මකුළුවා

ශ්‍රී ලංකාව වනාහි ලෝකයේ කුඩා රාජ්‍යයයන් වලින් එකක් වුවද ජෛවවිවිධත්වය අතින් ලෝකයේ ඉහළින්ම සිටිනා රාජ්‍යයකි.එම නිසාම අප දිවයින ජ්‍යාතන්තර ජෛවවිවිධත්ව මර්මස්ථානයක් බවට අන්තර්ජාතික ලෙස පිළිගෙන ඇත. කුඩා දිවයිනක් වුවද විවිධ කාලගුණික තත්වයන් සහ භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා ලංකාව තුල ජීවී විශේෂ වල විවිධත්වය ඉතා අධිකය. මෙම පරිසර පද්ධති වල විවිධත්වය නිසා ශ්‍රී ලංකාව අධික ජාන විවිධත්වක් සහිත වාසස්ථාන වල මර්මස්ථානයක් ලෙස වටිනාකමක් අත්පත් කරගෙන ඇත.

මකුළුවන් වනාහි පාද 8ක් සහ දළයුඟලක් ( fangs ) සහිත සන්ධිපාදිකයන්ය. ඔවුන් කොදු ඇට පේලියක් රහිත ජීවීන් ගනයට වැටෙන අතර විවිධ වාසස්ථාන වල ජීවත්වේ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පාරිසරික විද්‍යා සහ පාරිසරික ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතා අලුතින් රැස්කරගත් භෞතික සාධක මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන Myrmarachne ගණයට අයත් නාමමාත්‍රකුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ සියල්ල ලක්ෂණ සහිතව විස්තර කිරීමට සහ තවත් මකුළු විශේෂ කිහිපයක් අලුතින් හදුනාගැනීමට සමත්වී ඇත. ඔහුගේ මෙම සොයාගැනීම් අන්තර් ජාතික පර්යේෂණ සඟරාවක් වන Journal of Natural History හි මෙම වර්ෂයේ මැයි කළාපයේ පලවී ඇත. එම පර්යේෂණ පත්‍රිකාවේ වැදගත් අංගයක් වන්නේ සාම්ප්‍රදායික ලෙස භෞතික ලක්ෂණ වචනයෙන් විස්තර කරනවා වෙනුවට එම මකුළුවන්ගේ ඡායාරූප යොදාගනිමින් එක් එක් මකුළු විශේෂයන්ට ආවේනික ලක්ෂණ විස්තර කිරීමයි.

පැන පැන යන මකුළු පවුලේ (Salticidae) වැඩිම ජීවී විශේෂ ගණනක් සිටින ගණය (genus) ලෙස Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් හැදින්වේ. ඔවුන් තම ඉදිරි පාද සොලවමින් කුහුඹුවන්ගේ ස්පර්ශේන්ද්‍රයන් (antennae.) අනුකරනය කරනුලැබේ. නමුත් එම මකුළුවන් කුහුඹුවන් සමග ස්පර්ෂ වීමෙන් සෑම විටම වැලකි සිටී. සමහර මකුලු විශේෂ සෑම අතින්ම කුහුඹුවන්ට සමානකම් දක්වයි. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද Myrmarachne හෙවත්කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවන් ගැන සිදුකර ඇති පර්යේෂණ ඉතා අල්පය. මහාචාර්ය සුරේෂ් පි. බෙන්ජමින් මහතාගේ අධ්‍යයන වලින් පසුව එවැනි මකුලු විශේෂ 12 ක් පැහැදිලිව හදුනාගෙන ඇති අතර ඉන් 6 ක්ම ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ වේ. Myrmarachne aurantiaca ,Myrmarachne dishani සහ Myrmarachne morningside යනු මහාචාර්යතුමා  අලුතින් හදුනාගත් කුහුඹුවන් වැනි පැන පැන යන මකුළු විශේෂ 3 කි.

Myrmarachne aurantiaca යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතාගල ප්‍රදේශයෙන් හදුනාගත් නව කුහුඹුවන් වැනි පැන පැන යන මකුළුවිශේෂයකි.                අන්තර්ජාලයෙනි

- සමන් මහී


ශ්‍රී ලංකාවේ පළාත් මල්


Flowers of the sri lanka provinces.

රටක ජාතික අනන්‍යතාවය හෙළි කිරීමට සංකේත රාශියක් නිල වශයෙන් භාවිත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික ක්‍රීඩාව, ජාතික ඇඳුම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය සහ ජාතික පක්ෂියා‍‍‍ යනාදී වශයෙනි. මීට අමතරව පළාත් සඳහා නම් කරන ලද පළාත් කොඩි ද පවතී. නමුත් අද වන විට පළාත් සංකේත අතරට අලුතින් එකතු වූවක් ලෙස "පළාත් පුෂ්පයන් "හඳුන්වාදිය හැකිය.

පළාත් පුෂ්ප තෝරා ගැනීමේ නිර්ණායක

එක් එක් පළාත පිළිබඳ සළකා බලන විට ඒ ඒ පළාතට සුවිශේෂ වූ ජෛව විවිධත්ව හඳුනාගත හැකිය. මෙම විවිධත්වය සංකේතවත් කිරීමේ අරමුණින් ඒ ඒ පළාතට විශේෂ වු පුෂ්ප පළාත් පුෂ්ප වශයෙන් හඳුන්වා දී ඇත. මෙසේ හඳුන්වාදෙන ලද්දේ "පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රවීනයන්ගේ කමිටුව" විසින් කරන ලද නිර්දේශයක‍ට අනුව වේ. ලෝක ජෛව විවිධත්ව දිනය (මැයි 22 දා) තේමා කර ගනිමින් මෙම පුෂ්ප තෝරා ගන්නා ලදි. මෙම ‍තෝරා ගැනීමේ දි එකඟතාවයකට පත්වීමට නොහැකි වූ පුෂ්ප යෝජිත පුෂ්ප ලෙස නම් කර ඇත. පළාත් පුෂ්පයන් තීරණය කිරීමේ නිර්ණායක ලෙස ඔවුන් නිර්ණායක කිහිපයක් හඳුනා ගත්හ.

පුෂ්පය දරන ශාකයේආවේණික බව
වඳවීමේ තර්ජනයට ලක්වී තිබීමේ තත්ත්වය
පළාත් පරිසර පද්ධති තුළ කැපී පෙනෙන ස්වභාවය
පුෂ්පයේ බහුවිධ භාවිතය
ශාකය හෝ පුෂ්පය හා බැඳුණු සංස්කෘතික,ආගමික වටිනාකම
මේ ආකාරයට නිර්ණායක කිහිපයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, ඌව පළාත, සබරගමු පළාත, දකුණු පළාත, බස්නාහිර පළාත හා වයඹ පළාත යන පළාත් නවය සඳහා "පළාත් පුෂ්පයන්" නම් කර ඇත.

වයඹ පළාත
Atteriya.
පුෂ්පය: ඇට්ටේරිය
උද්භිද විද්‍යාත්මකනාමය: Murraya Paniculta(L)Jack
කුලය: Rutacea
මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර පහක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිලිසෙන සංයුක්ත පත්‍ර වේ. රාත්‍රි සඳ එළියත් සමඟ පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තය. මෙම ශාක ලංකාවේ පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වි‍ශේෂයෙන් ම පහත රට මෝසම් වැසි වනාන්තරවල සහ ගල් කුහරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හැරෙන්නට ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇත. මෙම ඇට්ටේරිය ශාකයේ ප්‍රයෝජන පිළිබඳ සළකා බලන විට ප්‍රධාන වශයෙන් ගෘහස්ත වගාවට සුදුසු ය. අද වන විට මේවා විසිතුරු බඳුන් වගා ක්‍රමයක් ලෙස අලෙවිය සඳහා යොදාගෙන ති‍බේ. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම, භාණ්ඩ නිෂ්පාදනය යන අංශවලට යොදා ගනියි. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත්, පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.

උතුරු මැද පළාත
පුෂ්පය: ඇහැළ
උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula(L)
කුලය: Febacae

ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය. "Showers of Gold" යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙ‍ම මල් හඳුන්වන අතර දෙමළ බසින් "Tirukkontai"ලෙස දක්වයි. මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමාන්‍යයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ. මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ. ඇසළ ශාකය ගෘහස්ථ වගාවේ දීත්, උද්‍යාන අලංකරණයටත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.

ඌව පළාත
Guruluraja.
පුෂ්පය: ගුරුළුරාජ
උද්භිද විද්‍යාත්මක නාමය :Rhynchostylis retusa Blume
කුලය Orchidaceae
උඩවැඩියා විශේෂයට අයත් වන ගුරුළුරාජ මල් සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැළෑටි විශේෂයක් ලෙස ද නම් කර ඇත. එමෙන්ම තර්ජනයට ලක් වූ ජීවීන් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ 2 කාණ්ඩයට මෙම මල ඇතුළත් කර ඇත. "Fox Tail Orchid" යන ඉංග්‍රීසි නමින් ද මෙම මල් හැඳින්වේ. මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩියා විශේෂයට අයත් සේ සැළකේ. මල් පොකුරු ආකාරයෙන් පිහිටයි. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ ගුරුළුරාජ මල් දක්නට ලැබේ. ඉතා දුර්ලභ වූ මෙම උඩවැඩියා විශේෂය. ලංකාව හැරුණු විට ඉන්දියාව,මැලේසියාව, බුරුමය, සහ ජාවා යන රටවල දක්නට ලැබේ. ලංකාවේ ඌව සහ නැගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන ගුරුළුරාජ විශේෂය වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. ඖෂධ වශයෙන් මෙන් ම ගෘහ අලංකාරයටත් මෙම මල් භාවිත කෙරේ.

දකුණු පළාත
Bovitiya.
පුෂ්පය: හීන්බෝවිටියා
උද්භිද විද්‍යාත්මක නාමය:Obbeckia octondra
කුලය Melastomataceae
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් වූ ලෙස හීන්බෝවිටියා ශාකය හැඳින්වේ.මෙම ශාකය පඳුරු සහිත ශාක විශේෂයක් වන අතර පුෂ්ප දම් පැහැයෙන් යුක්තය. ඉත්තක පෙති පහකින් යුතු මල් කිහිපයක් දැක ගත හැක. ලංකාවේ වියළි හා තෙත් කඳුකර ප්‍රදේශවල බහුල වශයෙන් වැඩෙන අතර මෙම ශාකය ලඳු කැලෑ අතර ද මද වශයෙන් දැකගත හැක. ශාකයේ පත්‍ර හා පෙතු ඖෂධීය වශයෙන් වැදගත් වේ. විසිතුරු පැළෑටියක් ලෙස ද යොදා ගත හැක.

බස්නාහිර පළාත
Lotus flower (Suzhou, China).
පුෂ්පය: සුදු නෙළුම්
උද්භිද විද්‍යාත්මක නාමය:Nelumbo nucifera Gaerth
කුලය :Nelumbonaceae
බෞද්ධ සාහිත්‍යයේ ඉතා උසස් පිළිගැනීමක් නෙළුම් ශාකයට පවතී. නෙළුම් මල විවිධ නම් වලින් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන්, "Lotus or Sacred been" ලෙස ද දෙමළ භාෂාවෙන් "Tamaraj" නමින් ද දක්වයි. නෙළුම් ශාකය ජලජ පැළෑටියක් ලෙස හැඳින්වෙන අතර මල් සුදු හෝ රතු පැහැයක් ගනී. මේ අතර විශාල ප්‍රමාණයේ පුෂ්ප මෙන්ම තරමක පුෂ්ප ද දැක ගත හැක. සුදු නෙළුම් ශාකය පහතරට වියළි හා තෙත් කලාපවල බහුලව දක්නට ලැබේ. එමෙන් ම ආසියානු උෂ්ණ කලාපයේ සහ ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ද ඇත. ඉන්දියාව, චීනය, ටිබෙටය, ජපානය යන රටවල සුදු නෙළුම් දක්නට ලැබේ. පූජනීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් බෞද්ධයන් මෙන්ම හින්දු භක්තිකයන් අතර ද නෙළුම් මල සඳහා ඇත. නෙළුම් මල ඖෂධීය වශයෙන් ද වැදගත් වන අතර අල සහ බීජ ආහාර සඳහා ද යොදා ගැනේ.සිතුවම් හා කැටයම් ශිල්පයේදී ද නෙළුම් මල යොදා ගත් බව පෙනේ. මේ අනුව නෙළුම් මල ආගමික, සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් තැනක් උසුලයි.

මධ්‍යම පළාත
Flame Azalea Rhododendron calendulaceum 'Mandarin Red'
පුෂ්පය:මහරත්මල
උද්භිද විද්‍යාත්මක නාමය:Rhododrendran Arbareum Var Zeylanicum
කුලය Ericaceae
ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ. දෙමළ භාෂාවෙන් මෙම මල "Billi" යනුවෙන් හඳුන්වනු ලබයි. රත් මල්වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන් හට ගනී. ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්තය. එක මල් පොකුරක මල් විසිපහක් පමණ හට ගැනේ. පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මල් හට ගැනේ. වැඩි වශයෙන් ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩේ. ඒ හැරුණු විට ඒ ආශ්‍රිත තණ බිම්වල ද මේවා වැඩි වශයෙන් ව්‍යාප්ත වේ. ගෘහස්ථ වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කරේ.

සබරගමුව පළාත

පුෂ්පය:වෙසක් මල
උද්භිද විද්‍යාත්මක නාමය:Dendrobium Maccarthiae thw
කුලය Orchidaceae
වෙසක් මල් ශාකය ද ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් ලෙස හඳුනා ගත හැකිය. මෙම ශාකය දුර්ලභ ගණයේ ශාකයකි. ප්‍රධාන වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන රත්නපුර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව හට ගැනේ. මේ වන විට මෙම ශාකය ආරක්ෂා කිරීමට ද නම් කර තිබේ. මේ මල් ද උඩවැඩියා විශේෂයට අයත් වන බව සැළකේ. ශාකයේ කඳේ පහතට එල්ලෙන ආකාරයට මල් හට ගනී.එමෙන්ම මෙම ශාකය ද ගෘහ අලංකරණයට ද අළෙවියට ද යොදා ගැනේ.

උතුරු පළාත (යෝජිත)
Wild Jasmine

පුෂ්පය:වල් පිච්ච

උද්භිද විද්‍යාත්මක නාමය:Jasminum Angustifolium
කුලය Oleaceae

ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් පිච්ච සිංහලයෙන් වෑකන්ද යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම ශාකය වැල් සහිතව මෙන්ම පඳුරු සහිතව ද හට ගැනේ. අධික සුගන්ධයකින් යුතු මෙම මල් අතු රිකිලි අතර මල් තුන බැඟින් හට ගැනේ. මල් ශාකය පුරා පැතිරේ. පෙබරවාරි, අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල මෙම මල් හට ගනියි. ප්‍රධාන වශයෙන් ම ලංකාවේ පහතරට වියළි කලාපයේ බහුලව දක්නට ලැබේ. ඒ හැරුණු කොට දකුණු ඉන්දියාවේ ද මෙය දැක ගත හැක. මෙම ශාක පූජා කටයුතු සඳහා යොදා ගන්නා අතර මුල් ඖෂධ වශයෙන් භාවිත කරයි.

උතුරු පළාත (යෝජිත)

Lycianthes rantonnei flowers.

පුෂ්පය:විෂ්ණුක්‍රාන්තිය

උද්භිද විද්‍යාත්මක නාමය:Evalvulus Alsinodes(L)
කුලය Convolvulaceae
දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්දි නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. කුඩා පඳුරු ආකාරයට හට ගන්නා මෙහි මල් ඉහළට එසවුණු ආකාරයෙන් පවතී. නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන් ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ වියළි හා අතරමැදි කලාපයේ පහත්බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්තව ඇත. ඖෂධීය වශ‍යෙන් ගත් විට පාචනයේ දී හා මානසික රෝගවල දී ද ඇදුම රෝගයට ද යොදා ගනී. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ උතුරු පළාත සඳහා යෝජිත පුෂ්ප දෙකක් ඇති බව පැහැදිලි වේ.

නැගෙනහිර පළාත
Godamanel
පුෂ්පය: ගොඩ මානෙල්

උද්භිද විද්‍යාත්මක නාමය:Crinum Zeylanicum

කුලය Amaryllidaceae

සිංහල භාෂාවෙන් තොලබෝ සහ නරි-මානෙල් යන නම් ද ගොඩ මානෙල් සඳහා භාවිත කරයි. දෙමළ භාෂාවෙන් "Vichamunkil" ලෙස ද සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගී, සෝමවල්ලී ලෙස ද හැඳින්වේ. තරමක් කුඩා වූ මෙම ශාක‍යේ මල් පුනීලයක ආකාරයට දිස්වේ. විශේෂයෙන් ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ හට ගනියි. මෙම ශාකය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ වියළි කලාපයේ වේ. නමුත් වැව් හා දිය කඩිති ආශ්‍රිතවත් දක්නට ලැබේ. ශාක පත්‍ර හා කඳ, ඖෂධ වශයෙන් යොදා ගන්නා අතර පුෂ්ප අලංකරණය සඳහා ගනියි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පළාත් නවය සඳහා නම් කරන ලද පුෂ්පයන් හඳුනා ගත හැකිය.නමුත් මෙහි උතුරු හා නැගෙනහිර පළාත සඳහා මෙතෙක් තෝරා ගෙන ඇති මල් යෝජිත පුෂ්ප ලෙස දක්වයි.

උපුටා ගැනීම අන්තර්ජාලය තුලිනි

-  අහිංසා සිත්මලී


Thursday, August 25, 2016

ගෝලීය සාගින්නේ තරම


වර්තමානයේදී ලෝකයේ කුසගින්න, සාගින්න එසේත් නොමැති නම් ආහාර අර්බුදය විශාල ගැටලුවක්‌ වී ඇත. සාගින්නේ මූලිකම ස්‌වරූප වන්නේ මන්දපෝෂණය සහ දුෂ්පෝෂණයයි. මන්දපෝෂණය යනු ප්‍රමාණවත් පරිදි ආහාර නොමැති වීමයි. දුෂ්පෝෂණය යනු ආහාර ලැබුණද ඉන් ශරිරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. ලොව පුරා මන්දපෝෂණයෙන් මෙන්ම දුෂ්පෝෂණයෙන්ද පීඩා විඳින්නන් අපමණය. ලෝකයේ සෑම පුද්ගලයින් පස්‌දෙනෙකුගෙන් එක්‌ අයෙක්‌ මන්දපෝෂණයෙන් පෙළෙයි. නමුත් කාලෙන් කාලෙට එහි විවිධ වූ ප්‍රවණතාවන් ඇති වේ.

ලෝකයේ ආහාර අර්බුදය සඳහා පදනම් වූ සාධක කිහිපයක්‌ පවතී. ඉන් කිහිපයක්‌ පහත දක්‌වා ඇත.

Ö ලෝක ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම.

වර්තමානයේ ලෝක ජන සංඛ්‍යාව බිලියන 7 ඉක්‌මවා තිබේ. ඉන් ජන සංඛ්‍යාව අධිකව ජීවත්වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක්‌ කෘෂිකාර්මික වුවත් මෙම රටවල මුළු ජනගහනයෙන් 12.9% කුසගින්නේ ජීවත්වන බවයි.

Ö ආහාර පරිභෝජන අසමානතාවය.

ආදායම් බෙදී යාමේ විෂමතාවය මත ආහාර පරිභෝජන අසමානතාවය ඇති වේ. දුර්වල ආර්ථිකයන් නිසා බොහොමයක්‌ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට සිය ආහාර පරිභෝජනය අවශ්‍යම පරිදි ලබාගැනීමට නොහැකි වී ඇත.

Ö දේශගුණික විපර්යාසවල බලපෑම.

දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්‌ වීම මත ආහාර නිෂ්පාදනය අඩු වේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා ජලගැලීම් හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය 2030-2049 කාලය තුළ 25% කින් අඩුවන බවයි.

Ö දරිද්‍රතාවය.

ලෝකයේ දරිද්‍රතාව සහ සාගින්න අතර සමාන ව්‍යාපෘතියක්‌ දක්‌නට ලැබේ. දරිද්‍රතාව නිසා මිනිසුන්ට ආහාර මිලදී ගැනීමේ හැකියාව අවහිර වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා තම ආදායමෙන් 70-80% ක්‌ ආහාරවලට වැය කළද ඉන් දිනකට අවශ්‍ය අවම කැලරි ප්‍රමාණයවත් ලබාගත නොහැක.

Ö ගොවි බිම් අහිමි වීම.

වගා කරන භූමි ප්‍රමාණය අවම වූ විට ලබන නිෂ්පාදන ප්‍රමාණයද අඩු වේ. ගොවිබිම් කැබලි වීම, සංවර්ධිත රටවල අධික මස්‌ ඉල්ලුම සැපයිමට බහුජාතික සමාගම් අප්‍රිකානු කලාපයේ ගොවිබිම් අත්පත් කරගෙන සත්ත්ව පාලනය සිදු කිරීම, වෙනත් සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා භූමිය යොදා ගැනීම ආදිය මීට හේතු වේ.

Ö ආහාර මිල ඉහළ යාම.

ආහාර අතිරික්‌ත තිබුණද සංවර්ධිත රටවල බහුජාතික සමාගම් වෙළෙඳපොළට ආහාර නිකුත් නොකර ආහාර මිල ඉහළ නංවයි. මේ නිසා බොහෝ සාමාන්‍ය ජනයාට පෝෂයිදායි ආහාර මිලදී ගැනීමේ හැකියාව අවහිර වේ. 2013 වන විට සංවර්ධනය වන රටවල ආහාර මිල ගණන් 21% කින් ඉහළ ගොස්‌ ඇත. සංවර්ධිත රටවල දිළිඳු ජනතාවගෙන් 20% ක්‌ ඔවුන්ගේ ආදායමෙන් 60% ක්‌ ආහාර මිලදී ගැනීමට මුදල් වැය කිරිම මීට උදාහරණ වේ.

- සමන් මහී


බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කට්‌තුමා



විජිත කදිරගොන්න
උප සභාපති කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය

මෑත කාලීන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා උත්පත්තියෙන් ඇමෙරිකන් ජාතිකයෙකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට හා බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට උපරිම සහයක්‌ දුන් එතුමා 1832 අගෝස්‌තු මස 02 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඔරෙන්ඡ් නම් ග්‍රාමයේ උපත ලබා ඇත. එතුමාගේ පියා හෙන්රි චයිකෝµ ඕල්කට්‌ මහතාය. මෑණියන් ඇට්‌ලි ස්‌ටීල් මැතිණියයි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්‌දෙනෙකි. නිව්යෝක්‌ නුවර පාසල් කීපයකින්ම මූලික අධ්‍යාපනය ලද ඕල්කට්‌තුමා පසුව නිව්යෝක්‌ සරසවියේ අධ්‍යාපන කටයුතුවල නිරත විය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු උතුරු ඔහියෝ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරත විය. නැවත නිව්යෝක්‌ නුවරට පැමිණ ඔල්කට්‌ තුමා කෘෂිකාර්මික රසායන විද්‍යාව පිළිබඳ හදාරා විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට අදාළව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමත්, මවුන්ට්‌ වර්නන්හි වෙස්‌ට්‌වෙස්‌ටර් ගොවිකම් පාසල ආරම්භ කිරීමත් ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් සිද්ධීන්ය.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන වකවානුව වනවිට බෞද්ධ ශිෂ්ඨාචාරයේ හා බෞද්ධ අධ්‍යාපනයට අදාළව සිරිලක පැවැති තත්ත්වය බෙහෙවින් ෙ€දජනක විය. අනුරාධපුර, පොලොන්නරු යුගවලදී උසස්‌ තත්ත්වයක පැවැති බෞද්ධ ශිෂ්ඨාචාරය විදේශික ආක්‍රමණ එකිනෙකා මරාගන්නා රණකාමිත්වය හා බටහිර ජාතීන් කණ්‌ඩායම් තුනක්‌ මගින් වසර 500 කට ආසන්න කාලයක්‌ අපගේ දේශය යටත් විජිතයක්‌ වශයෙන් පවත්වාගෙන යැම ආදිය නිසා පිරිහීමට පත්විය. මෙවන් තත්ත්වයක්‌ පවතිද්දී පූජ්‍යපාද වැලිවිට සංඝරාජ නායක හිමියන්ගේ නොපසුබට අධිෂ්ඨානය හේතුකොටගෙන මහ සඟ පරපුරක්‌ ලක්‌දිව ඇති වීමටත්, පිරිවෙන් අධයාපනය යලි ක්‍රියාත්මක කිරීමටත්, සාමනේරවරුන් සඳහා පොත් ලිවීමටත් මග සැලසුනි. එවන් පිරිවෙන් අතරින් රත්මලාන පරම ධම්ම ෙච්තිය පිරිවෙන පූජ්‍යපාද වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්‌වාමීන් වහන්සේ යටතේ ද, විෙද්‍යාදය පිරිවෙන පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායකහිමිපාණන් වහන්සේ යටතේ ද, කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන පූජ්‍යපාද රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නායක ස්‌වාමීන් වහන්සේගේ භාරකාරත්වය යටතේ ද පිහිටුවන ලදී. මේ වනවිට දිවයිනේ උසස්‌ භික්‍ෂුන් වහන්සේලා රාශියක්‌ වැඩ විසූහ. ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත බෞද්ධ අධයාපනය ලබාදෙන මධ්‍යස්‌ථානයක්‌ බවට විහාරස්‌ථානය පත්කළ පූජ්‍යපාද වස්‌කඩුවේ සුභූති ස්‌වාමීන් වහන්සේ හා ප්‍රසිද්ධ විද්‍යාර්ථයෙකු හා පඬිවරයකු වූ පූජ්‍යපාද දොඩන්දූවේ පියරතන නායක ස්‌වාමීන් වහන්සේ ද ඒ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්හ.

බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධයේ පුරෝගාමී භික්‍ෂුන් වහන්සේ වශයෙන් සැලකිය හැකි පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම මත වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නායක ස්‌වාමීන් වහන්සේ කිතුණුවන් සමඟ බද්දේගම 1864 දී, උදම්විට 1866 දී, ඔරුගොඩවත්තේ 1899 දී, ගම්පොල 1871 දී හා පානදුරේ 1873 දී වාද පැවැත්වූහ. මේ හැම වාදයකින්ම වාදීභසිංහ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ජය ලැබූහ. එය උන්වහන්සේ ඇතුළු කණ්‌ඩායමට පමණක්‌ පෞද්ගලික වූ විජයග්‍රහණයක්‌ නොව පොදුවේ ලාංකික බෞද්ධයා ලැබූ විජයග්‍රහණයක්‌ විය.

පානදුරා වාදය ඇතුළු සියලු වාදවල ඉංග්‍රීසි පරිවර්තනයක්‌ "සිලෝන් ටයිම්ස්‌" (පසුව ටයිම්ස්‌ ඔµa සිලෝන්) පුවත්පතේ ජෝන් කුරේ මහතා විසින් සකස්‌කරන ලද අතර එය ඡේ. එම්. පීබල්ස්‌ විසින් පොතක්‌ වශයෙන් සකස්‌ කරන ලදී. මෙම පොත් පිංචට පෙර නොදුටු විරූ ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර එම පොත වේගයෙන් ජනතාව අතරට ගියේය. විදේශ රටවල ද මෙම පොත ජනප්‍රිය විය. වීරෝධාර යුද නිලධාරියකු, විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන වගා කටයුතුවල යෙදුණු ගොවියකු, හසල බුද්ධියක්‌ ඇති ප්‍රසිද්ධ නීතිවේදියකු, පරම විඥනාර්ථවාදී නිදහස්‌ චින්තකයකු, සත්‍ය ගවේශකයකු හා මානව හිතවාදියකු වූ ඕල්කට්‌ තුමාට මෙම පොත් කියවීමට අවස්‌ථාව ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේලා හමුවීමටත්, ලක්‌දිව බෞද්ධ කටයුතු දැකබලා ගැනීමටත් ඔහුට අවශ්‍ය විය. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බොහෝ කාලයක සිට ලක්‌දිව භික්‍ෂුන් වහන්සේලා සමඟ ඕල්කට්‌තුමා ලිපි ගෙනුදෙනු කර ඇත.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන විටත් අප රට මහා බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්‌ව පැවතුණි. එතුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය රැගත් නැව 1880 මැයි 17 වැනි දින ගාලු වරායට සේන්දු විය. ඕල්කට්‌තුමා ගැනත් ඔවුන්ගේ සේවාවන් කල් තබා දැන සිටි ලාංකිකයන් විශාල පිරිසක්‌ එතුමන්ලා පිළිගැනීමට යුහුසුළු වූහ. ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා අබේවර්ධන මහත්මාගේ නිවසේ විශේෂ භෝජන සංග්‍රහයක්‌ සූදානම් කර ඒ සඳහා ව්‍යාංජන වර්ග 57 ක්‌ පිළියෙල කර තිබූ බවත් සෑම ව්‍යාංජනයකම රස බැලීමට ඕල්කට්‌තුමා ඇතුළු පිරිසට ගෙහිමියන් පෙරැත්ත කරමින් බෙදමින් දැක්‌ වූ පුදුම සහගත ආගන්තුක සත්කාරය පිළිබඳ තම දිනපොතේ ඕල්කට්‌තුමා සටහන් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වී ඇත.

1880 මැයි 19 වැනි දින ගාල්ලේ බෞද්ධ ජනතාව වැලිවත්තේ විජයානන්ද විහාරස්‌ථානයේ දී බෞද්ධ අති විශාල ජනතාවක්‌ ඉදිරියේ දී පැවැත් වූ ගෞරවාන්විත උත්සවයේ දී පූජ්‍යපාද අක්‌මීමන ධර්මාරාම හිමියන්ගෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්වීමෙන් ඕල්කට්‌තුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය ඇතුළු දූත පිරිස උපාසක උපාසිකාවන් බවට පත්වූහ. ඒ බව සඳහන් කරමින් එතුමාගේ අත් අකුරින් ලියූ ලිපියක්‌ ද කෞතුක වස්‌තුවක්‌ වශයෙන් අදත් ආරක්‍ෂා කරගෙන ඇත. 1880 මැයි මාසයේ දී පරම විඥනාර්ථ සමාගමේ ශාඛාවක්‌ ගාල්ලේ පිහිටුවන ලදී.

ඉදිරිපත් කිරීම : සමන් මහී


විශ්වයේ විශ්මිත තොරතුරු



1.ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.

2.ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.

3.නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.

 4.ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.

5.තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.

6.මාස 4 ක් හෝ 5 ක් යනතුරු ළදරුවෙකුට කඳුලු වැගිරිය නොහැක.ඒ ඔවුන්ගේ කඳුලු නාල වර්ධන ය වී නොමැති නිසාය.

7.පක්ෂීන් කිසි විටෙකත් පොලොවේ සිටින විට ගීත ගයන්නේ නැත.

8.දිවි මකුළුවාට ආහාර නොමැතිව වසර දෙක හමාරක් පමණ සිටිය හැක.

9.ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.

 10.ඩොල්‍ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.

11.නයගරා දිය ඇල්ල
ලොව විශාලම දිය ඇල්ල වන නයගරා දිය ඇල්ල සංචාරකයින් නැරඹූ පසු වසා දමන බව ඔබ දන්නවාද?

12.තාරාවන් බිත්තරයෙන් එලියට එන විටම දකින දේ තම මව යැයි සලකති.එය ලී කැබැල්ලක් හෝ ගඩොලක්ද විය හැක.

13.උකුස්සෙකුට සැතපුම් භාගයක දුර සිට බිම සිටින් බත් කූරෙකු දැක ගත හැකිය.

14.රතු ඉන්දියානු දරුවෙකු ඉපදුන විගස පියා කූඩාරමෙන් එලියට එයි.එවිට දකින පලමු දෙයෙහි නම දරුවාට තබයි.

15.පැන්සලක් ගෙන එය ගෙවී යන තෙක් ඇන්දොත් එය කොතරම් දිගු වේද?එසේ කල කෙනෙක් ඇත.ඔහුට ලැබුනු දුර සැතපුම් 35 කි.

16.අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්‍රාකාරයයි.

17.පැරණි ඊජිප්තුවේ මිනිසුන් මැරුනු විට මිහිදන් කලේ අතේ රන් හෝ තඹ කාසි තබාය.ඒ ඊලඟ ලෝකයට යාමට ගමන් ගාස්තුය.

18.මිකී මවුස් නිර්මාතෘ වෝල්ට් ඩිස්නි සැබෑ ජීවිතයේදී මීයන්ට බොහෝ බිය විය.

19.ලොව බරින් අඩුම ක්ෂීරපායි සත්වයා වන්නේ Bumble-bee bat නැමැති වවුල් වර්ගයි.

20.රයිනෝසිරස්ගේ අඟ නිර්මාණය වී තිබෙන්නේ එකට එක් වූ ලොම් සමූහයකිනි.

21.පෘතුවි පෘෂ්ඨයෙන් 1/10 හිමාලයෙන් වැසී තිබේ.

22.ලොව විශාලතම ඇස් තිබෙන්නේ යෝධ දැල්ලාටය.

23.ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටයි.

24.ලොව අනෙක් රටවලට වඩා බහුතරයක් සිනමා ශාලා රුසියාවේ පිහිටා තිබේ.

25.ලොස් ඇන්ජලීස් නගරයේ සම්පූර්ණ නම(Los Angeles) -- El Pueblo de Nuestra Senora la Renia de los Angeles de povniuncula යන්නයි.

26.පූර්ණ චන්ද්‍රයා දිස් නොවූ එකම මාසය ලෙස ඉතිහාසයේ වාර්තා වන්නේ 1865 පෙබරවාරි මාසයයි.

27.ශීතකරණයේ තැබීමෙන් රබර් පටි දිගු කාලයක් භාවිතා කළ හැකිය.

28..බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම Barbie Millcent Roberts  ය.

"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.

කර්තෘ : අහින්සා සිත්මලී


රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් වූ අද කෑම මේසයේ සිටින බයිසන් ගවයා

 මේ කියන්න යන්නේ ඇමරිකානු බයිසන් ගැන,

 උතුරු ඇමරිකාවේ ගොඩබිමේ ජීවත්වෙන ස්කන්ධයෙන් අධිකම සත්තුන්ගෙන් එක් විශේෂ සත්ව කොටසක් තමා බයිසන් කියන්නේ.

 බයිසන් ගවයා සාමාන්‍යයෙන් අඩි 5 - 6.5 ( 1.5 - 2 මීටර්) උස යනවා. ස්කන්ධය ටොන් එකකට ආසන්නයි( 907kg) . ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව මොවුන්ට ඉතා වේගයෙන් දිවිය හැක. ඔවුන්ට පැයට කිලෝමීටර 65 ක පමණ වේගයෙන් දිවිය හැක. උන්ගේ තියුණු අං සෙන්ටිමීටර 61ක් පමණ දික් වෙයි.



 ගැහැණු උදවිය සහ වැඩිමහල්ලන් සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් ජීවත් වෙයි. නමුත් වසන්ත සමය ලං වෙත්ම මොවුන් විශාල වශයෙන් එකට රංචු ගැසෙයි. ගැහැණු උදවිය දරුවෙකු බිහි කරන්නේ මාස නමයක ප්‍රසූත කාලයකින් පසුවයි.

 රතු ඉන්දියානුවන් හා බයිසන් ගවයන් අතර දිගු සම්බන්ධකමක් පවතියි. රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් ලෙසද මෙම සත්වයා යොදා ගනියි. 19 වන ශතවර්ෂයේදී ආහාර හා ක්‍රීඩා සදහා බයිසන් ගවයන් මිලියන 50ක් පමණ ඝාතනය කොට ඇත. බයිසන් ගවයන් මේ වන විට සිටින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.

මේ 1870දී පමණ ගන්නා ලද චායාරූපයකි. මෙහි කන්දක් ආකාරයට ගොඩගසා ඇත්තේ ඇමරිකානු බයිසන් ගවයන්ගේ හිස් ය. 

 මෙම සතුන් ආහාර සදහාද ඇති දැඩි කරයි. මෙහි රසය හරක් මාංශ වලට බෙහෙවින් සමාන වේ. හරක් මාංශ වලට වඩා මේදය හා කොලෙස්ටරෝල් අඩු අතර ප්‍රෝටීන ප්‍රථිෂතය ඉහළ වේ.
බයිසන් මාංශ වෙළඳපොළේ

  සමීක්ෂණ ප්‍රථිපලවලට අනුව බයිසන් ගවයන් දිනකට සාමාන්‍යයෙන් 3.2km පමණ ඇවිඳියි. මෙම සතුන් ශාක භක්ෂක වේ.

 අපි සත්තුන්ට කරදර කල විට සත්තුන්ද අපට කරදර කරයි. බොහො විට සතුන් එසේ කරන්නේ ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවට මෙන්ම බියටයි. බයිසන් ගවයන්ගෙන්ද මිනිසාට යම් පමණක හානි දායක තත්ව උදා වී ඇත. සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ 1980 සිට 1999 දක්වා කාලයේදී මෙම සතුන් මිනිසුන් 79 දෙනෙකුට පහර දී ඇත. 1983 දී එක් පුද්ගලයෙක් මියගොස්ද ඇත.


මෙම සතුන් ජීවත්වන ප්‍රදේශ.

 මෙම සතුන් ඇමරිකාවේ විවිධ සංකේත සදහා භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වසරේ ජාතික ක්ෂිරපායි සත්වයා වන්නේ මෙම සත්වයා ය. විවිධ කාල වකවානු වලදී මෙම සත්වයාගේ රුව ඇතුලත් කාසි හා නෝට්ටු ඇමරිකාව තුල නිකුත් වි ඇත.

1935 නිකුත් වූ කාසියක්.

1901 නිකුත් වූ නෝට්ටුවක්.

මිනිසෙකුට සාපේක්ෂව ඇමරිකානු බයිසන් ගවයාගේ ෂරීර ප්‍රමාණය

අලි හොඬ නාස්කාර ටැපීරයා



 පොලිතින් කවර වල එතූ කෑම දෙන්න ගිහින් දෙහිවල සත්තු වත්තේ සිටි අන්තිම ටැපීරයාත් නැති වුනා. මේ එම සතා ගැනයි.

 ටැපීරයා ක්ෂීරපායී සත්වයෙක්. ඉදිරිපස පාදවල ඇත්තේ කුර සහිත ඇඟී හතරක් පමණයි. පසුපස පාදවල කුර සහිත ඇඟිලි තුනක් තිබේ. ටැපීරයාගේ ළඟම නෑදෑයා වන්නේ රයිනෝසිරස් හා අශ්වයාය. ප්‍රමාණයෙන් ඌරෙකුට වඩා ටැපීරයා විශාලය. නහය පුංචි හොඬවැලකට සමානය. උන්ට ඝන සමක් තිබේ. වැඩුනු සතෙකුගේ දිග අඩි 6ක් හෝ 8ක් පමණ වේ. උස මීටරයක් පමණ වේ. බර 225 - 275 kg අතර වේ. ටැපීරයන්ගේ ගොරෝසු සම කෙටි ලෝම වලින් පිරී ඇත. මොවුන්ගේ පාද කෙටියි. උඩු තොල හා හොම්බ හොඩවැලක ආකාරයකට නිර්මාණය වී ඇත.



 ටැපීරයන් මේ වන විට නිර්වතන කලාප දෙකක ජීවත් වේ. දකුණුදිග මියන්මාරය , තායිලන්තය, මැලේඓයාව හා සුමාත්‍රා දූපත් ආශ්‍රිතව වගේම ලොව අනික් පැත්තේ මධ්‍යම හා දකුණු අප්‍රිකාවේත් ටැපීරයන් ජීවත් වේ. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ඝන වනාන්තරයේ ජීවත් වන්නේ ඇමරිකානු ටැපීරයා ( බ්‍රසීලියානු ටැපීරයා ) ය.



  ටැපීරයන් වගුරු ආශ්‍රිත තෙත් බිම් වල ජීවත් වේ. ඔවුන් හුදකලාව ජීවත් වන නිශාචර සත්ව විශේෂයකි. දිවා කාලයේ ඝන කැලෑවේ සැඟවී සිටින මොවුන් ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ප්‍රධාන ආහාර වන්නේ ජලජ ශාක, ගස් හා පඳුරුවල කොළ වර්ගය. පුංචි හොඩවැලක් තිබුනද එය අලියෙක් මෙන් කෑම අහුලා ගන්නට යොදාගන්නේ නෑ. මේ පුංචි හොඩවැල පැත්තකට කරලයි මොවුන් ආහාර ගන්නේ. ටැපීරයා හිදින් පිහිනීමට හැකි සත්වයෙක් ලෙස සැලකෙනවා. සතුරන්ගෙන් සැඟවීමට වතුරේ සැඟවෙන්න මොවුන්ට පුලුවන්. ටැපීර අම්මලා වරකට බිහිකරන්නේ එක් ටැපීරයෙක් පමණයි.



 සත්ව විද්‍යාඥයන් ටැපීරයන් සලකන්නේ කුර සහිත සතුන් ලෙසයි. ඔවුන් අයත් වන්නේ ටැපිරස් ගෝත්‍රයට. මලයාසියානු ටැපීරයා ( ටී. ඉන්ඩිකස්) ගේ පෙනුම සුවිශේෂියි. උගේ පසුපස පෙදෙස කිලිටි සුදු පැහැති සමකින් ආවරණය වී ඇත. මේ සතාගේ ඉදිරිපස කළු පාටයි. මධ්‍යම ඇමරිකාවේ ජීවත් වන ටැපීරයා ( ටී.බයර්ඩි) තමයි ටැපීරයන් අතරින් විශාලතමයා. ඌ ප්‍රමාණයෙන්කුඩා බූරුවෙකුට සමානයි. මෙක්සිකෝවේ සිට පේරු රට දක්වා කඳුකර වනාන්තර වල ජීවත් වනවා.


Tuesday, May 17, 2016

ඉතාලියානු ජාතික කැටයම් ශිල්පී පීටර් ඩෙමෙට්ස් (Peter Demetz) ලී කැටයම් නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙක්. කිසිඳු නවීන යන්ත්‍රයක් භාවිතා නොකර තමන්ගේ නියනෙන් පමණක් ඔහු කරන නිර්මාණ සැබවින්ම අපූරුයි. ඔහුගේ නිර්මාණ කෙතරම් සියුම් ආකාරයෙන් සිදුකරන්නේ ද කියනවනම් ඔහුගේ අතින් නිර්මාණය කෙරෙන මූර්ති වල වස්ත්‍ර වල සියුම් රැලි පවා දැකගන්න ලැබෙනවා.
මේ තියෙන්නේ ඔහුගේ අතින් නිර්මාණය කෙරුණු අපූරු නිර්මාණ අතුරෙන් කිහිපයක්. සැබවින්ම විශිෂ්ටයි.

Thursday, April 21, 2016

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට රජගල හෙවත් රාස්ස හෙල


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කළ ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල හෙවත් රාස්ස හෙළ නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භූමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී.මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයක ද තැන්පත් කර දාගැබ් සාදන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ මෙම රජගල හෙවත් රාස්ස හෙළ මුහුදු මට්ටමෙන් අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්ත තද බෑවුම් සහිත වුවද උතුරු පැත්ත මායිම් වන්නේ ක‍්‍රමානුකූලවය.මේ පුද බිමෙහි පර්වතයක කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන බ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද පහත සඳහන් සෙල්ලිපිය අදත් දැක ගත හැකිය.“යෙ ඉමදිප පටමය ඉදිය අගනන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයයි.”මෙම පර්වත ලිපිය අසල ගරා වැටුණු දාගැබක නටබුන් ද පරණවිතාන මහතාම සොයා ගෙන ඇත. මේ අනුව මහාවංසයෙහි සඳහන් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීම හා ධර්ම ප‍්‍රචාරය පිළිබඳ ශිලා ලේඛන සාක්ෂියක් ලෙසින් (මිහින්තලයෙන් ලැබෙන ශිලා ලිපියට අමතරව) මෙය ඉතා වැදගත් සේ පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.

මේ රජගල පුද බිමෙහි මේ කාලයේ දීම ලියන ලද ගුහා ලිපි 22 ක් ද, පර්වත ලිපි හතරක් ද, පුවරු ලිපියක් ද ලැබී ඇති බව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ඔහුගේ 1961 - 62 පුරා විද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.“කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත්, අවසානයේ කන්ද පාමුල තැන්නටත් පැමිණේ. විවිධ හැඩ තල හා ප‍්‍රමාණවල ගොඩනැගිලි මේ බෑවුමේ දක්නට ඇත. මේ ගොඩනැගිලිවලට ඇතුල්වන තැන්වල දෙපස වාම් කොරවක් ගල් ද, මිනිස් වෙස් ගත් නාග රූප සහිත දොරටුපාල ගල් පුවරු ද ඇත.සඳකඩ පහන් කීපයක් මෙහි වැළලී තිබෙන්නට පුළුවන. මේ තැන්න හරහා යන ඇළ පායන කාලයට ජලය හි‍ඳෙයි. එසේ වුවද මේ විශාල ආරාමයේ විසූවන්ට අවශ්‍ය ජල පහසුව ලැබී ඇත්තේ මෙයිනි.ඇල පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති ගල් පාත්තර දෙක දක්වා කාණු බේරූ ගල් ලෑලි අතුරා ඇත. ගල් පාත්තර දෙකට ඉහළින් පුරාණ කාලයේ වහළයක් තිබී ඇත. මේ වහලයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත.මෙහි කැණීම් කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් පෙනුණේ කොරවක් ගල් දෙකේ මුදුන් පමණි. මෙය කොරවක් ගල් හා පඩි හතරකින් ද මනහර සඳකඩ පහණකින් ද යුක්තය. සඳකඩ පහණ මධ්‍යයෙහි නෙළුම් මලකින් අඩකි. ඉන් ඔබ්බෙහි පළා පෙති රටා සහිත රවුමකි. මෙහි නා රජ රුව පුන් කළස දරා සිටින්නේ අන් තැන්වල මෙන් තනි අතින්් නොව දෑතිනි.අම්පාර දිස්ති‍්‍රක්කයේ දිවුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රාජගල පුදබිම සහිත වූ රජගල කඳු වැටිය පිහිටියේ ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගලතැන්න ජනාවාසයට බස්නාහිර දෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි ස්තූපයක නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳව සඳහන් කරන විට මිහින්තලේ ඇති මිහිඳු ගුහාව වැනි ගුහාවක් රජගල ද දක්නට ලැබේ. මේ පුද බිමෙන් ලැබෙන සෙල් ලිපි පහක පමණ මහා සංඝයාට පුදන ලද ලෙන් පිළිබඳ සී. ඩබ්ලිව්. නිකුලස් මහතා මෙසේ සඳහන් කර ඇත. “සද්ධාතිස්ස රජුගේ පුතුන් දෙදෙනා ද බිසෝවරුන් විසින් ද මේ ලෙන්වලින් සමහරක් පූජා කළ බව සෙල් ලිපි පහක සඳහන් වේ.” මේ කරුණු අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණේ මධ්‍යස්ථාන වූ තිස්සමහාරාමය, සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල ද පැරණි බෞද්ධ අනන්‍යතාව ඉතා පැහැදිලි ලෙසින් ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රදේශයක් බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.
කර්තෘ: Agra Sanjeewani

රබර් සෝඩා වෙයි


ඉංගිරිසි ජාතික ජෝශප් පී‍්‍රස්ට්ලි රසායන විද්‍යා ඉතිහාසයෙහි අමරණීයත්වයට පත් වූයේ 1774 ඔක්සිජන් සොයා ගැනීම නිසා ය. ඒ කීර්තිමත් සොයා ගැනීම නිසා ඔහු සෝඩා වතුර සොයා ගත් බව අද ලෝකයට අමතකව ගොස් තිබේ. බුබුළු දමන මෘදු දියරයක් ලෙස අද ලොව පුරා බීමක් ලෙස භාවිත කෙරේ. එහෙත් ඔහු සොයා ගත් සෝඩා වතුර එදා ඔහු නම් කළේ ‘රබර්’ කියා ය. එදා ඔහු එය රබර් කියා නම් කළේ පැන්සල් ඉරි මැකීමට ඒවා යොදා ගත හැකි නිසා ය.

මීට අවුරුදු පන්සීයකට පමණ පෙර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ලියූ සටහන්වල ඇති කරුණුවල සත්‍යතාව මිනිසාට අවබෝධ වුයේ බොහෝ කලකට පසුව ය. පොසිල ගැන, රුධිර සංසරණය ගැන, පොළොව විශ්වයේ හරි මැද නො වන බව, වස්තු ඉහළට බිමට පතිත වීම ගැන, මිනිස් සිරුර ගැන ආදී වශයෙන් ලියා තැබූ අදහස්වල සත්‍යතාව අද තහවුරු වී තිබේ.  

රජ වාසලේ කවටයා - අන්දරේ

අන්දරේ ශී‍්‍ර ලංකාවේ රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ (රාජ්‍ය කාලය: 1779-1797) රජවාසල කවටයාය. උස් මිටිකම්, තරාතිරම් නො බලා හැමදෙනකුට ම කවටකමින් සංග‍්‍රහ කිරීමට සමත්කම් දැක්වූ සිංහලයෙකි. මාතර දික්වැල්ලේ උපන් අයකු ලෙස සැලකෙන අන්දරේ මිය ගිය තැන පසු කාලයක ඉදි කළ ස්මාරකයක් ද තිබේ. අන්දරේ උපතින් ලත් කවීත්වයක් හා මුඛරිකමක් ඇත්තෙකි. ඒ කාලේ හැටියට සෑහෙන උගත්කමක් ඇති ව සිටි අන්දරේගේ පියා ඔහුට උගන්වන්නට උත්සහ කළ ද ඉන් පලක් නො වීය. එහෙත් ඔහු උපහාසයෙන් හා බුද්ධියෙන් උගතුන් පවා පරදවනසුලූ විය. ඔහු හිටිවන ම කළ කවි නිර්මාණ ද උගතකුට පවා කළ නො හැකි තරම් ප‍්‍රශස්ථ විය. පොතපත ඉගෙනීම නො කළ අන්දරේ මෝඩයෙකැ යි සිතා නොයෙක්  අයුරින් ඔහුට විහිළු කර විනෝද වන්නට තැත් කළ අයට ඔහු පෙරළා දුන් පිළිතුරුවල ගැබ් වූ උපහාසය කෙතරම් සියුම් වීද යත් ඉන් පහර කෑ අයටත් නො සිතූ පරිදි රසයක් ලබා දුන්නේ ය. ඒ නිසා ම ඔහු එකල රටපුරා බෙහෙවින් ජනපි‍්‍රය පුද්ගලයක් විය. කවටකම් කිරීමට ඔහු සතු දස්කම් පිළිබඳ කතා ඇසූ රජු ඔහු ගෙන්වා රජවාසල කවටයා ලෙස පත් කර ගත්තේය. 
 
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය: 

විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය. 
    දාර දෙකක් එක පිට එක කර      තැනුවා
    පාර තිහක් තැළුවට බියකුත්        නැතුවා
    කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
    තෝරාපන් ඊයේ මඟ දී              දුටුවා

අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
    දාර දෙකක් එක ළඟ එක        ගැවසීය
    පාර තිහක් තැලූවට බියකුත්       නැතිය
    වට පිට යන කලට කනු සතරින්     යාය
    මට දැනෙනා ලෙසින් මහ රජ     ඉබ්බාය
 
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)

 අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින්බලන්න පුලුවන්.

ඇන්ටිකීතර යාන්ත්‍රණය

වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.


ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computerලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.

මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය.  ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය. 

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය. 

හාවෙකු පසුපස ගොස් පාසල් ගිය හෙන්රි


නූගත් දරුවකු වූ දහසය හැවිරිදි ජෝශප් හෙන්රි (1797-1878) 1813 නිවාඩු කාලයේ දී අසල ඇල්බනි නගරයේ පල්ලිය පිහිටි බිමේ සෙල්ලම් කරමින් සිටියේය. ඔහු හදිසියේ ම තමා ඉදිරියේ මතු වූ හාවකු පසුපස දුවන්නට විය. හාවා පල්ලිය තුළට දිව ගියේය. එහි අල්ලා තිබූ ලෑලි කීපයක් අඩු බව දැක ඔහු ඊළඟට කළේ ඒවා සොයා පල්ලිය පුරා පරීක්ෂා කිරීමය. එසේ පරීක්ෂා කරද්දී එහි පොත් රාක්කයක තිබූ පොතක් ඔහුගේ නෙත් ඇද ගත්තේය. එහි නම ‘ලෙක්චර්ස් ඔන් එක්ස්පෙරිමන්ටල් ෆිලෝසොෆි’ය. එහි අරුත ‘ප‍්‍රායෝගික දර්ශනවාදය පිළිබඳ දේශන’ යන්නයි. උඩින් පල්ලෙන් එය පෙරළා බැලූ ඔහුට එය සම්පූර්ණයෙන් ම කියවන්නට සිතක් පහළ විය. ඒ ගැන පැහැදුණු පල්ලියේ පූජකවරයා ඒ පොත හෙන්රිට පරිත්‍යාග කළේය. ඒ පොත කියවීමෙන් පසු ඔහුට ඉගෙනීම සඳහා තවදුරටත් පාසල් යන්නට සිත් විය. අවසානයේ දී ඔහු දහනව වන සියවසේ ඇමරිකාවේ විසූ විශිෂ්ටතම විද්‍යාඥයා බවට පත් විය. ඔහු ඇමරිකන් සිවිල් යුද සමයේ විද්‍යාව පිළිබඳ ජාතික ප‍්‍රබෝධයක් ඇති කිරීමට පුරෝගාමී වූයේය. වානිජ කටයුතු සඳහා යොදාගත් විදුලි පණිවුඩ ක‍්‍රමයට මග පෑ¥ ප‍්‍රථම විද්යුත් චුම්බක ටෙලිග‍්‍රාෆය ඔහුගේ නිපැයුමකි. කාලගුණ විද්‍යා නිරීක්ෂණ වාර්තා ක‍්‍රමයද ඔහු විසින් ආරම්භ කරන ලද්දකි. ඇමරිකාවේ අලූතින් පිහිටුවන ලද ස්මිත්සෝනියන් ආයතනයේ ප‍්‍රථම ලේකම්වරයා හා අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුයි. ඔහුගේ අවමඟුලට ඇමරිකානු ජනාධිපති රදර්ෆර්ඞ් බී. හේස් ද සහභාගි විය.

Wednesday, April 20, 2016

ලොව ප්‍රථම ඉතිහාසඥයා!

ලොව ප‍්‍රථම ඉතිහාසඥයා! ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි!
========================

ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය.

ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ කවුරුද ?

පිරමීඩ හැර අනෙක් පුදුම සියල්ල නටඹුන් වී ගියත් ඒ ගැන එක සාක්ෂියක් ඉතිරි වී තිබේ. ඒ මෙම පුදුම ගැනත් ඒවායේ සවිස්තරාත්මක විස්තර හා ඒවායේ පිහිටීම් ගැනත් ලියා ඇති ලේඛනයන්ය. මේ විස්තර ලියා තැබුවේ පුද්ගලයා සුවිශේෂී කෙනෙකි. ලොව ප‍්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ ඔහුයි. ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි. ඔහු ගී‍්‍රක ජාතික හෙරඩෝටස්.

‘ඉතිහාසයේ පියා’ ලෙස සැළකෙන හෙරඩෝටස් උපන්නේ කි‍්‍ර.පූ. 484 දීය. මියගියේ කි‍්‍ර.පූ. 430 දී. උපන් ස්ථානය හැලිකොනේසස්. ඈත අතීතයේ හැලිකොනේසස් ලෙස හැඳින්වුණේ වර්තමානයේ තුර්කියේ බ්‍රෝඩම් නුවරයි. එදා හැලිකොනේසස් නුවර අයත් වුණේ ‘සුලූ ආසියාවට’.

හෙරඩෝටස් සංචාරකයෙක්. දක්ෂ ලේඛකයෙක්. එසේම සවිස්තරාත්මක වාර්තාකරුවෙක්. හෙරඩෝටස් තර්කානුකූලව, ක‍්‍රමාණුකූලව, ඓතිහාසිතක තොරතුරු සවිස්තරාත්මකව සටහන් කර තැබූ නිසයි අද ඔහු ලොව පිළිගැනීමකට ලක්වී සිටින්නේ. ඔහු මිත්‍යා කතා මොනවාද සත්‍යය කුමක්ද හොඳින් තේරුම් බේරුම් කර ගනිමින් නිවැරදි මූලාශ‍්‍ර මත අනුව ඉතිහාස

තොරතුරු වාර්තා කර තිබේ.


හෙරඩොටස් විසින් ලේඛනගත කරන ලද ඊජිප්තුව පිලිබඳ විස්තරයක්.

කුඩාකාලයේ සිටම සාහිත්‍යයට යොමු වීම නිසා ඔහු සාහිත්‍යකරණයේ නියැලූණේය. කුඩා කළ සිට නිතරම වාගේ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරට යන්න එන්න වූ හෙරඩෝටස් බටහිර දෙසින් කළු මුහුද දක්වා සංචාරයේ යෙදුණේය. එමෙන්ම දකුණුදිග ඉතාලියේ මෙන්ම ඊජිප්තුවේද ආසියානු නගර වන ටයිර්, බැබිලෝන්, එක්බටානා, නිනේව් සහ සූසා නගරවලද සංචාරය කළේය.

හෙරඩෝටස් ඉතිහාසය ලේඛනගත කළේ කතාන්දර කියනා විලාසයෙනි. ඔහු ඔහුගේ විස්තර අලංකාරව හා සිත් ඇදගන්නා අයුරින් ලියා තැබීමට උපමාරූපක යොදා ගෙන තිබේ. ඔහු උදාහරණ ලෙස යොදා ගත්තේ ඔහු ජීවත් වූ සමාජයේ තොරතුරුය. සිදුවීම්ය. මේ නිසා අතීතයේ සමාජ විස්තර පවා අද අපට දැනගැනීමේ වාසනාව උදාවී තිබේ.

     කර්තෘ: තරංගිකා රාජපක්ෂ 
න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.
ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.

විදුලි පරිපථවල ආරක්ෂක ක්‍රම

 

                                                       විදුලි පරිපථයක් සඳහා බොහෝ ආරක්ෂක ක්‍රම  භාවිත කළ හැකි වුවත් ප්‍රධාන වශයෙන් විදුලි පරිපථයක ආරක්ෂාව සැලසිය යුතු ආකාර 2කකි.
   

ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම.විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කලයුතුවිම.

ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම

   
             එනම් Short Circuit වීම් වලින් ගිනි පුලිඟු හටගන්නා අතර ගිනි ගැනීමට පහසු මාධ්‍යක් ඒ අසල තිබුණහොත් ගින්නක් ඇතිවිය හැකියි.එම නිසා කෙටි පරිපථ වීම්වලින් ආරක්ෂා (Short Circuit Protection) කළ යුතු වෙනවා,මේ සඳහා පරිපථ වලට විලායක යෙදීම සිදුකරනවා.නිවාස විදුලි පරිපථ වලදී මෙම සේවාව විලායක පුවරුව ( D Board ) මගින් සිදුකරනු ලබනවා.කෙටි පරිපථ වීමක් හෝ වෙනත් මොන යම් කාරණයක් නිසා හෝ පරිපථයේ වැඩි ධාරාවක් ගලා යන විටදී මෙම විලායක මගින් පරිපථය විසන්ධි කෙරේ.

විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
         
  එනම් විදුලි උපකරණ පරිහරණය කරන්නා විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුය.මේ සඳහා විදුලි පරිපතවලට මිහිකාන්දු පැන්නුම් වහරු භාවිත කෙරෙනවා.එවිට විදුලි උපකරණයක හෝ යම් පරිපථයක විදුලි කාන්දුවක් සිදු වුවහොත් එයට සංවේදී වන පැන්නුම් වහුරුව ක්ෂණිකව සැපයුම විසන්ධි කරයි.එමගින් උපකරණය භාවිත කරන කෙනාට විදුලි සැර වැදීමෙන් වෙන හානිය වළකාලයි.

දැන් අපි මිහිකාන්දු පැන්නුම් වහුරු ( Earth Leakage Trip Switch ) ගැන බලමු,

                 නිවාස විදුලි ඉදිකිරීම් සඳහා භාවිත වන ප්‍රධාන මිහිකාන්දු පැන්නුම් වහරු 2කි,

වෝල්ටීයතාවය අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Voltage Operated Trip Switch)ධාරාව අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Current Operated Trip Switch)
ශේෂ ධාරා පරිපථ බිඳීනය (Residual Current Circuit Breaker - RCCB)      මෙම මිහිකාන්දු පැන්නුම් වහරු දෙවර්ගයේම ක්‍රියාකාරිත්වය වන්නේ පරිපථයේ යම් විදුලි කාන්දු වීමක් සිදු වුවහොත් වහා සැපයුම විසන්ධි කර උපකරණ භාවිතා කරන්නා ආරක්ෂා කිරීමයි. Trip Switch යක් මිලදී ගැනීමේදී අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියනවා.ඒවා ගැන කිව්වොත්,

Trip Switch ය හරහා ලබාගත හැකි උපරිම ධාරාව (Rated Current)Trip Switch ය ක්‍රියා විරහිත වන කාන්දු ධාරාව හෙවත් සංවේදී කාන්දු ධාරාව (Tripping Current)Trip Switch ය හරහා ලබාගත හැකි සැපයුමේ වෝල්ටීයතාවය (Rated Voltage) Trip Switch ; 250V , 30A , 30mA ලෙස සටහන් කර ඇත්නම් ඉන් අදහස් වන්නේ Trip Switchය හරහා ලබාගත හැකි සැපයුමේ උපරිම වෝල්ටීයතාවය 250V බවත්, Trip Switch ය තුලින් ගෙන යා හැකි උපරිම ධාරාව 30A බවත්, පරිපථයේ 30mA කාන්දුවක් සිදු වන විට Trip Switch ය ක්‍රියා විරහිත වන බවත්ය.



           සෑමවිටම නිවාස සඳහා භාවිත කරනු ලබන්නේ 30mA ක කාන්දු ධාරාවකදී ක්‍රියා විරහිත වන Trip Switch ය.එවිට යම් උපකරණයක හෝ පරිපථයේ 30mA ක කාන්දුවක් සිදුවන විටදී Trip Switch ය මගින් සැපයුම විසන්ධි කරන බැවින් කාන්දුව මනුෂ්‍ය ශරිරරයක් හරහා සිදු වුවද එය 30mA වන විට සැපයුම විසන්ධි වීමෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකර ධාරාව වන 50mA ක් ශරීරය තුලින් ගලා යාමට පෙර සැපයුම විසන්ධි කිරීමෙන් මනුෂ්‍යයාට සිදුවන හානිය වලක්වනවා.එහෙත් කර්මාන්තශාලා විදුලි පරිපතවලට භාවිත කරනු ලබන්නේ වැඩි කාන්දු ධාරාවකට සංවේදී වන Trip Switch ය.මෙයට හේතුව කර්මාන්තශාලාවල විදුලි යන්ත්‍රෝපකරණ රාශියක් භාවිත කරන අතර කාලයක් ගතවීමේදී මෙම යන්ත්‍ර වල විදුලි පරිපතවලින් කුඩා කාන්දු හට ගනී.එවිට යන්ත්‍ර කිහිපයකින් කාන්දු හටගනිමේදී එය යම් තරමක කාන්දු ධාරාවක් බවට පත්වන අතර අඩු කාන්දු ධාරාවක් සහිත Trip Switch යක් යොදා තිබුණහොත් මේ තත්වය මත සැපයුම විසන්ධි වේ.නමුත් ප්‍රයෝගිකව යන්ත්‍ර වලින් සිදුවන මෙම සුළු කාන්දු මගින් කිසිවෙකුටත් හානියක් සිදු වෙන්නේ නෑ.නමුත් සපැයුම විසන්ධි වීමකට ලක් වුවහොත් මෙය ප්‍රයෝගික අපහසුතාවයක් ඇති වෙනවා,එබැවින් මෙම තත්වය සැලකිල්ලට ගෙන කර්මාන්තශාලා සඳහා 100mA ක කාන්දුවකට සංවේදී වන Trip Switch භාවිත කෙරෙනවා.

           එමෙන්ම 10mA , 15mA වැනි කුඩා කාන්දු සඳහා සංවේදී වන Trip Switch ද වෙළඳ පොලේ දැකිය හැකිය.මෙවන් කුඩා කාන්දු වලට සංවේදී Trip Switch භාවිත කරනු ලබන්නේ සත්ත්ව ගොවිපළවල විදුලි පරිපථ සඳහාය.සතුන් කොටුකර ඇති කුඩුවල නොයෙකුත් විදුලි උපාංග සවි වන අතර ඉන් සුළු කාන්දුවක් ඇති වුවද එමගින් සතුන් ජිවිත හානියට පත් වියහැකියි.එබැවින් 10mA , 15mA වැනි කුඩා ධාරාවන්ට සංවේදී Trip Switch එම පරිපථ සඳහා යොදා ගනියි.
             
      Trip Switch යක් ක්‍රියා විරහිත නොවී දිගු කාලයක් තිබියදී එහි යාන්ත්‍රික ලිවර පද්ධතියේ යම් හිරවීමක් ඇතිවිය හැකිය.එබැවින් කාන්දුවකට OFF වීම ප්‍රමාද වීමෙන් හෝ OFF නොවීමත් වැනි තත්වයක් ඇති විය හැක.එබැවින් මසකට, දෙකකට වරක් හෝ Trip Switch යේ Test Button එක ඔබා Trip Switch ය නිවැරදිව සුමටව ක්‍රියා විරහිත වීම සිදුවන්නේ දැයි පරික්ෂා කළ හැකිය.

ඉතින් ඔබත් විදුලියත් සමග වැඩකිරීමේදී පරෙස්සම්වෙන්න.පොඩි හෝ වැරද්දකින් ලොකු දෙයක් වෙන්න පුළුවන්.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

ඔබ දන්නවාද

අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.
1. උදේ අහාර නොගැනීම
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.
2. වැඩිපුර අහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.
3. දුම් පානය
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.
4. සීනි සහිත අහාර වැඩිපුර ගැනීම
අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ.. හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.
5. වායු දුෂණය
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.
6.අඩු නින්ද
මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.
7. නින්දේදී හිස ආවරණය කර ගැනීම
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.
8. අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම
නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.
9. ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම
හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා
10. අඩුවෙන් සිතීම
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.
                  අන්තර්ජාලයෙනි..
කර්තෘ : sujie madhumalee

ඓතිහාසික නිලගම රජමහා විහාරය



මාතලේ දිස්ත්‍රික් මායිමේ පිහිටි නිලගම රජමහා විහාරස්ථානය සහ ඒ ආශි‍්‍රත භූමිභාගය ඓතිහාසික නටඹුන්වලින් ගහනය. වළගම්බා රජු සැඟවී සිට, පසුව එම සැඟව සිටි ස්ථානයේ මේ විහාරය කරවන ලදැයි සැලකේ.

ගල්ලෙනක් ආශි‍්‍රතව පිහිටි නිලගම රජ මහා විහාරය විවිධ යුගයන්හි දී ප්‍රාදේශීය පාලකයන් විසින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. මෙම භූමිය වටා ඇති කඳුගැට මුදුනෙහි චෛත්‍ය සතරක් තිබූ බවට සැලකිය හැකි නටබුන්ද දක්නට තිබේ. අනුරාධපුර යුගයේ මුල්භාගයට අයත්යැයි සැලකෙන සෙල්ලිපියක් මෙම පර්වතයෙහි නිරිත දෙසින් දැක ගත හැකිය. එමෙන්ම මෙහි ගල්කුලක් මත තවත් සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ අක්ෂර මැකීයමින් පවතී. මෙම විහාර භූ®මියෙහි චෛත්‍යයක නටබුන්ද දක්නට ඇත.

මෙම විහාරස්ථානයේ දැනට විද්‍යමානව ඇති සියලු ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන්ට අයත් බව නිගමනය කළ හැකිය. නිලගම චිත්‍ර ශිල්පී පරම්පරාවෙහි ශිල්පීන් විසින් මෙම විහාරස්ථානයේ චිත්‍ර නිර්මාණය කරන ලද බව පැරැණි ලේඛනයන්හිද සඳහන්වේ.

මෙම විහාරය පිහිටි ලෙන වළගම්බා රජ අවධියේ සිට විහාරස්ථානයක්ව තිබුණද පසුව විවිධ හේතු නිසා විනාශ වී මහනුවර යුගයේ නැවතත් පිළිසකර කර ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ භූමිය පිළිබඳ වැඩිදුර ගවේෂණයක් සිදුකළහොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බව විද්වතුන්ගේ මතයයි.

නිලගම රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ධූරයේ කටයුතු කරන්නේ මඩහපොළ ගුණරතන හිමියන්ය.වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මේ විහාරස්ථානයේ පැරැණි චිත්‍ර හා ප්‍රතිමාද චෛත්‍යද වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව සංරක්ෂණය කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ භූමිය කෙරෙහි මෙයට වඩා වැඩියෙන් යොමුවන්නේ නම් මැනැවැ’යි මඩහපොළ ගුණරතන හිමියෝ පවසති. මෙබඳු පින්බිම් සුරැකගෙන අනාගත පරපුරට දායාද කිරිම අප කාගේත් යුතුකමක් වන්නේය.
මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇතී ස්ථාන ගැන කිසිවෙකුත් නොදනී ..එයට හේතුව මා නොදනී..නමුත් කිය යුතු දෙයක් ඇත ...අද ලංකාවේ අය පාරවල් අයින්වල ඇති සිද්ධස්නාන වැදපුදා ගනීතී නමුත් රටේ අනාගතයටද මේවා මෙලෙසටම වල් වැදෙනු ඇත....

ස්තූතී
උපුටා ගැනිමක් සහිතය..

කර්තෘ: නිල්මිණි වීරසිංහ