Thursday, August 25, 2016
විශ්වයේ විශ්මිත තොරතුරු
1.ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.
2.ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
3.නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.
4.ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.
5.තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.
6.මාස 4 ක් හෝ 5 ක් යනතුරු ළදරුවෙකුට කඳුලු වැගිරිය නොහැක.ඒ ඔවුන්ගේ කඳුලු නාල වර්ධන ය වී නොමැති නිසාය.
7.පක්ෂීන් කිසි විටෙකත් පොලොවේ සිටින විට ගීත ගයන්නේ නැත.
8.දිවි මකුළුවාට ආහාර නොමැතිව වසර දෙක හමාරක් පමණ සිටිය හැක.
9.ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.
10.ඩොල්‍ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.
11.නයගරා දිය ඇල්ල
ලොව විශාලම දිය ඇල්ල වන නයගරා දිය ඇල්ල සංචාරකයින් නැරඹූ පසු වසා දමන බව ඔබ දන්නවාද?
12.තාරාවන් බිත්තරයෙන් එලියට එන විටම දකින දේ තම මව යැයි සලකති.එය ලී කැබැල්ලක් හෝ ගඩොලක්ද විය හැක.
13.උකුස්සෙකුට සැතපුම් භාගයක දුර සිට බිම සිටින් බත් කූරෙකු දැක ගත හැකිය.
14.රතු ඉන්දියානු දරුවෙකු ඉපදුන විගස පියා කූඩාරමෙන් එලියට එයි.එවිට දකින පලමු දෙයෙහි නම දරුවාට තබයි.
15.පැන්සලක් ගෙන එය ගෙවී යන තෙක් ඇන්දොත් එය කොතරම් දිගු වේද?එසේ කල කෙනෙක් ඇත.ඔහුට ලැබුනු දුර සැතපුම් 35 කි.
16.අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්‍රාකාරයයි.
17.පැරණි ඊජිප්තුවේ මිනිසුන් මැරුනු විට මිහිදන් කලේ අතේ රන් හෝ තඹ කාසි තබාය.ඒ ඊලඟ ලෝකයට යාමට ගමන් ගාස්තුය.
18.මිකී මවුස් නිර්මාතෘ වෝල්ට් ඩිස්නි සැබෑ ජීවිතයේදී මීයන්ට බොහෝ බිය විය.
19.ලොව බරින් අඩුම ක්ෂීරපායි සත්වයා වන්නේ Bumble-bee bat නැමැති වවුල් වර්ගයි.
20.රයිනෝසිරස්ගේ අඟ නිර්මාණය වී තිබෙන්නේ එකට එක් වූ ලොම් සමූහයකිනි.
21.පෘතුවි පෘෂ්ඨයෙන් 1/10 හිමාලයෙන් වැසී තිබේ.
22.ලොව විශාලතම ඇස් තිබෙන්නේ යෝධ දැල්ලාටය.
23.ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටයි.
24.ලොව අනෙක් රටවලට වඩා බහුතරයක් සිනමා ශාලා රුසියාවේ පිහිටා තිබේ.
25.ලොස් ඇන්ජලීස් නගරයේ සම්පූර්ණ නම(Los Angeles) -- El Pueblo de Nuestra Senora la Renia de los Angeles de povniuncula යන්නයි.
26.පූර්ණ චන්ද්‍රයා දිස් නොවූ එකම මාසය ලෙස ඉතිහාසයේ වාර්තා වන්නේ 1865 පෙබරවාරි මාසයයි.
27.ශීතකරණයේ තැබීමෙන් රබර් පටි දිගු කාලයක් භාවිතා කළ හැකිය.
28..බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම Barbie Millcent Roberts ය.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
කර්තෘ : අහින්සා සිත්මලී
රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් වූ අද කෑම මේසයේ සිටින බයිසන් ගවයා
මේ කියන්න යන්නේ ඇමරිකානු බයිසන් ගැන,
උතුරු ඇමරිකාවේ ගොඩබිමේ ජීවත්වෙන ස්කන්ධයෙන් අධිකම සත්තුන්ගෙන් එක් විශේෂ සත්ව කොටසක් තමා බයිසන් කියන්නේ.
බයිසන් ගවයා සාමාන්‍යයෙන් අඩි 5 - 6.5 ( 1.5 - 2 මීටර්) උස යනවා. ස්කන්ධය ටොන් එකකට ආසන්නයි( 907kg) . ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව මොවුන්ට ඉතා වේගයෙන් දිවිය හැක. ඔවුන්ට පැයට කිලෝමීටර 65 ක පමණ වේගයෙන් දිවිය හැක. උන්ගේ තියුණු අං සෙන්ටිමීටර 61ක් පමණ දික් වෙයි.
ගැහැණු උදවිය සහ වැඩිමහල්ලන් සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් ජීවත් වෙයි. නමුත් වසන්ත සමය ලං වෙත්ම මොවුන් විශාල වශයෙන් එකට රංචු ගැසෙයි. ගැහැණු උදවිය දරුවෙකු බිහි කරන්නේ මාස නමයක ප්‍රසූත කාලයකින් පසුවයි.
රතු ඉන්දියානුවන් හා බයිසන් ගවයන් අතර දිගු සම්බන්ධකමක් පවතියි. රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් ලෙසද මෙම සත්වයා යොදා ගනියි. 19 වන ශතවර්ෂයේදී ආහාර හා ක්‍රීඩා සදහා බයිසන් ගවයන් මිලියන 50ක් පමණ ඝාතනය කොට ඇත. බයිසන් ගවයන් මේ වන විට සිටින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.
මෙම සතුන් ආහාර සදහාද ඇති දැඩි කරයි. මෙහි රසය හරක් මාංශ වලට බෙහෙවින් සමාන වේ. හරක් මාංශ වලට වඩා මේදය හා කොලෙස්ටරෝල් අඩු අතර ප්‍රෝටීන ප්‍රථිෂතය ඉහළ වේ.
සමීක්ෂණ ප්‍රථිපලවලට අනුව බයිසන් ගවයන් දිනකට සාමාන්‍යයෙන් 3.2km පමණ ඇවිඳියි. මෙම සතුන් ශාක භක්ෂක වේ.
අපි සත්තුන්ට කරදර කල විට සත්තුන්ද අපට කරදර කරයි. බොහො විට සතුන් එසේ කරන්නේ ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවට මෙන්ම බියටයි. බයිසන් ගවයන්ගෙන්ද මිනිසාට යම් පමණක හානි දායක තත්ව උදා වී ඇත. සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ 1980 සිට 1999 දක්වා කාලයේදී මෙම සතුන් මිනිසුන් 79 දෙනෙකුට පහර දී ඇත. 1983 දී එක් පුද්ගලයෙක් මියගොස්ද ඇත.
මෙම සතුන් ඇමරිකාවේ විවිධ සංකේත සදහා භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වසරේ ජාතික ක්ෂිරපායි සත්වයා වන්නේ මෙම සත්වයා ය. විවිධ කාල වකවානු වලදී මෙම සත්වයාගේ රුව ඇතුලත් කාසි හා නෝට්ටු ඇමරිකාව තුල නිකුත් වි ඇත.
උතුරු ඇමරිකාවේ ගොඩබිමේ ජීවත්වෙන ස්කන්ධයෙන් අධිකම සත්තුන්ගෙන් එක් විශේෂ සත්ව කොටසක් තමා බයිසන් කියන්නේ.
බයිසන් ගවයා සාමාන්‍යයෙන් අඩි 5 - 6.5 ( 1.5 - 2 මීටර්) උස යනවා. ස්කන්ධය ටොන් එකකට ආසන්නයි( 907kg) . ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව මොවුන්ට ඉතා වේගයෙන් දිවිය හැක. ඔවුන්ට පැයට කිලෝමීටර 65 ක පමණ වේගයෙන් දිවිය හැක. උන්ගේ තියුණු අං සෙන්ටිමීටර 61ක් පමණ දික් වෙයි.
ගැහැණු උදවිය සහ වැඩිමහල්ලන් සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් ජීවත් වෙයි. නමුත් වසන්ත සමය ලං වෙත්ම මොවුන් විශාල වශයෙන් එකට රංචු ගැසෙයි. ගැහැණු උදවිය දරුවෙකු බිහි කරන්නේ මාස නමයක ප්‍රසූත කාලයකින් පසුවයි.
රතු ඉන්දියානුවන් හා බයිසන් ගවයන් අතර දිගු සම්බන්ධකමක් පවතියි. රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් ලෙසද මෙම සත්වයා යොදා ගනියි. 19 වන ශතවර්ෂයේදී ආහාර හා ක්‍රීඩා සදහා බයිසන් ගවයන් මිලියන 50ක් පමණ ඝාතනය කොට ඇත. බයිසන් ගවයන් මේ වන විට සිටින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.
![]() |
| මේ 1870දී පමණ ගන්නා ලද චායාරූපයකි. මෙහි කන්දක් ආකාරයට ගොඩගසා ඇත්තේ ඇමරිකානු බයිසන් ගවයන්ගේ හිස් ය. |
මෙම සතුන් ආහාර සදහාද ඇති දැඩි කරයි. මෙහි රසය හරක් මාංශ වලට බෙහෙවින් සමාන වේ. හරක් මාංශ වලට වඩා මේදය හා කොලෙස්ටරෝල් අඩු අතර ප්‍රෝටීන ප්‍රථිෂතය ඉහළ වේ.
![]() |
| බයිසන් මාංශ වෙළඳපොළේ |
සමීක්ෂණ ප්‍රථිපලවලට අනුව බයිසන් ගවයන් දිනකට සාමාන්‍යයෙන් 3.2km පමණ ඇවිඳියි. මෙම සතුන් ශාක භක්ෂක වේ.
අපි සත්තුන්ට කරදර කල විට සත්තුන්ද අපට කරදර කරයි. බොහො විට සතුන් එසේ කරන්නේ ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවට මෙන්ම බියටයි. බයිසන් ගවයන්ගෙන්ද මිනිසාට යම් පමණක හානි දායක තත්ව උදා වී ඇත. සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ 1980 සිට 1999 දක්වා කාලයේදී මෙම සතුන් මිනිසුන් 79 දෙනෙකුට පහර දී ඇත. 1983 දී එක් පුද්ගලයෙක් මියගොස්ද ඇත.
![]() |
| මෙම සතුන් ජීවත්වන ප්‍රදේශ. |
මෙම සතුන් ඇමරිකාවේ විවිධ සංකේත සදහා භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වසරේ ජාතික ක්ෂිරපායි සත්වයා වන්නේ මෙම සත්වයා ය. විවිධ කාල වකවානු වලදී මෙම සත්වයාගේ රුව ඇතුලත් කාසි හා නෝට්ටු ඇමරිකාව තුල නිකුත් වි ඇත.
![]() |
| 1935 නිකුත් වූ කාසියක්. |
![]() |
| 1901 නිකුත් වූ නෝට්ටුවක්. |
![]() |
| මිනිසෙකුට සාපේක්ෂව ඇමරිකානු බයිසන් ගවයාගේ ෂරීර ප්‍රමාණය |
අලි හොඬ නාස්කාර ටැපීරයා
පොලිතින් කවර වල එතූ කෑම දෙන්න ගිහින් දෙහිවල සත්තු වත්තේ සිටි අන්තිම ටැපීරයාත් නැති වුනා. මේ එම සතා ගැනයි.
ටැපීරයා ක්ෂීරපායී සත්වයෙක්. ඉදිරිපස පාදවල ඇත්තේ කුර සහිත ඇඟී හතරක් පමණයි. පසුපස පාදවල කුර සහිත ඇඟිලි තුනක් තිබේ. ටැපීරයාගේ ළඟම නෑදෑයා වන්නේ රයිනෝසිරස් හා අශ්වයාය. ප්‍රමාණයෙන් ඌරෙකුට වඩා ටැපීරයා විශාලය. නහය පුංචි හොඬවැලකට සමානය. උන්ට ඝන සමක් තිබේ. වැඩුනු සතෙකුගේ දිග අඩි 6ක් හෝ 8ක් පමණ වේ. උස මීටරයක් පමණ වේ. බර 225 - 275 kg අතර වේ. ටැපීරයන්ගේ ගොරෝසු සම කෙටි ලෝම වලින් පිරී ඇත. මොවුන්ගේ පාද කෙටියි. උඩු තොල හා හොම්බ හොඩවැලක ආකාරයකට නිර්මාණය වී ඇත.
ටැපීරයන් මේ වන විට නිර්වතන කලාප දෙකක ජීවත් වේ. දකුණුදිග මියන්මාරය , තායිලන්තය, මැලේඓයාව හා සුමාත්‍රා දූපත් ආශ්‍රිතව වගේම ලොව අනික් පැත්තේ මධ්‍යම හා දකුණු අප්‍රිකාවේත් ටැපීරයන් ජීවත් වේ. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ඝන වනාන්තරයේ ජීවත් වන්නේ ඇමරිකානු ටැපීරයා ( බ්‍රසීලියානු ටැපීරයා ) ය.
ටැපීරයන් වගුරු ආශ්‍රිත තෙත් බිම් වල ජීවත් වේ. ඔවුන් හුදකලාව ජීවත් වන නිශාචර සත්ව විශේෂයකි. දිවා කාලයේ ඝන කැලෑවේ සැඟවී සිටින මොවුන් ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ප්‍රධාන ආහාර වන්නේ ජලජ ශාක, ගස් හා පඳුරුවල කොළ වර්ගය. පුංචි හොඩවැලක් තිබුනද එය අලියෙක් මෙන් කෑම අහුලා ගන්නට යොදාගන්නේ නෑ. මේ පුංචි හොඩවැල පැත්තකට කරලයි මොවුන් ආහාර ගන්නේ. ටැපීරයා හිදින් පිහිනීමට හැකි සත්වයෙක් ලෙස සැලකෙනවා. සතුරන්ගෙන් සැඟවීමට වතුරේ සැඟවෙන්න මොවුන්ට පුලුවන්. ටැපීර අම්මලා වරකට බිහිකරන්නේ එක් ටැපීරයෙක් පමණයි.
සත්ව විද්‍යාඥයන් ටැපීරයන් සලකන්නේ කුර සහිත සතුන් ලෙසයි. ඔවුන් අයත් වන්නේ ටැපිරස් ගෝත්‍රයට. මලයාසියානු ටැපීරයා ( ටී. ඉන්ඩිකස්) ගේ පෙනුම සුවිශේෂියි. උගේ පසුපස පෙදෙස කිලිටි සුදු පැහැති සමකින් ආවරණය වී ඇත. මේ සතාගේ ඉදිරිපස කළු පාටයි. මධ්‍යම ඇමරිකාවේ ජීවත් වන ටැපීරයා ( ටී.බයර්ඩි) තමයි ටැපීරයන් අතරින් විශාලතමයා. ඌ ප්‍රමාණයෙන්කුඩා බූරුවෙකුට සමානයි. මෙක්සිකෝවේ සිට පේරු රට දක්වා කඳුකර වනාන්තර වල ජීවත් වනවා.
Tuesday, May 17, 2016
ඉතාලියානු ජාතික කැටයම් ශිල්පී පීටර් ඩෙමෙට්ස් (Peter Demetz) ලී කැටයම් නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙක්. කිසිඳු නවීන යන්ත්‍රයක් භාවිතා නොකර තමන්ගේ නියනෙන් පමණක් ඔහු කරන නිර්මාණ සැබවින්ම අපූරුයි. ඔහුගේ නිර්මාණ කෙතරම් සියුම් ආකාරයෙන් සිදුකරන්නේ ද කියනවනම් ඔහුගේ අතින් නිර්මාණය කෙරෙන මූර්ති වල වස්ත්‍ර වල සියුම් රැලි පවා දැකගන්න ලැබෙනවා.
මේ තියෙන්නේ ඔහුගේ අතින් නිර්මාණය කෙරුණු අපූරු නිර්මාණ අතුරෙන් කිහිපයක්. සැබවින්ම විශිෂ්ටයි.
Thursday, April 21, 2016
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට රජගල හෙවත් රාස්ස හෙල
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කළ ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල හෙවත් රාස්ස හෙළ නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භූමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී.මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයක ද තැන්පත් කර දාගැබ් සාදන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ මෙම රජගල හෙවත් රාස්ස හෙළ මුහුදු මට්ටමෙන් අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්ත තද බෑවුම් සහිත වුවද උතුරු පැත්ත මායිම් වන්නේ ක‍්‍රමානුකූලවය.මේ පුද බිමෙහි පර්වතයක කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන බ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද පහත සඳහන් සෙල්ලිපිය අදත් දැක ගත හැකිය.“යෙ ඉමදිප පටමය ඉදිය අගනන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයයි.”මෙම පර්වත ලිපිය අසල ගරා වැටුණු දාගැබක නටබුන් ද පරණවිතාන මහතාම සොයා ගෙන ඇත. මේ අනුව මහාවංසයෙහි සඳහන් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීම හා ධර්ම ප‍්‍රචාරය පිළිබඳ ශිලා ලේඛන සාක්ෂියක් ලෙසින් (මිහින්තලයෙන් ලැබෙන ශිලා ලිපියට අමතරව) මෙය ඉතා වැදගත් සේ පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.
මේ රජගල පුද බිමෙහි මේ කාලයේ දීම ලියන ලද ගුහා ලිපි 22 ක් ද, පර්වත ලිපි හතරක් ද, පුවරු ලිපියක් ද ලැබී ඇති බව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ඔහුගේ 1961 - 62 පුරා විද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.“කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත්, අවසානයේ කන්ද පාමුල තැන්නටත් පැමිණේ. විවිධ හැඩ තල හා ප‍්‍රමාණවල ගොඩනැගිලි මේ බෑවුමේ දක්නට ඇත. මේ ගොඩනැගිලිවලට ඇතුල්වන තැන්වල දෙපස වාම් කොරවක් ගල් ද, මිනිස් වෙස් ගත් නාග රූප සහිත දොරටුපාල ගල් පුවරු ද ඇත.සඳකඩ පහන් කීපයක් මෙහි වැළලී තිබෙන්නට පුළුවන. මේ තැන්න හරහා යන ඇළ පායන කාලයට ජලය හිඳෙයි. එසේ වුවද මේ විශාල ආරාමයේ විසූවන්ට අවශ්‍ය ජල පහසුව ලැබී ඇත්තේ මෙයිනි.ඇල පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති ගල් පාත්තර දෙක දක්වා කාණු බේරූ ගල් ලෑලි අතුරා ඇත. ගල් පාත්තර දෙකට ඉහළින් පුරාණ කාලයේ වහළයක් තිබී ඇත. මේ වහලයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත.මෙහි කැණීම් කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් පෙනුණේ කොරවක් ගල් දෙකේ මුදුන් පමණි. මෙය කොරවක් ගල් හා පඩි හතරකින් ද මනහර සඳකඩ පහණකින් ද යුක්තය. සඳකඩ පහණ මධ්‍යයෙහි නෙළුම් මලකින් අඩකි. ඉන් ඔබ්බෙහි පළා පෙති රටා සහිත රවුමකි. මෙහි නා රජ රුව පුන් කළස දරා සිටින්නේ අන් තැන්වල මෙන් තනි අතින්් නොව දෑතිනි.අම්පාර දිස්ති‍්‍රක්කයේ දිවුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රාජගල පුදබිම සහිත වූ රජගල කඳු වැටිය පිහිටියේ ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගලතැන්න ජනාවාසයට බස්නාහිර දෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි ස්තූපයක නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳව සඳහන් කරන විට මිහින්තලේ ඇති මිහිඳු ගුහාව වැනි ගුහාවක් රජගල ද දක්නට ලැබේ. මේ පුද බිමෙන් ලැබෙන සෙල් ලිපි පහක පමණ මහා සංඝයාට පුදන ලද ලෙන් පිළිබඳ සී. ඩබ්ලිව්. නිකුලස් මහතා මෙසේ සඳහන් කර ඇත. “සද්ධාතිස්ස රජුගේ පුතුන් දෙදෙනා ද බිසෝවරුන් විසින් ද මේ ලෙන්වලින් සමහරක් පූජා කළ බව සෙල් ලිපි පහක සඳහන් වේ.” මේ කරුණු අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණේ මධ්‍යස්ථාන වූ තිස්සමහාරාමය, සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල ද පැරණි බෞද්ධ අනන්‍යතාව ඉතා පැහැදිලි ලෙසින් ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රදේශයක් බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.
කර්තෘ: Agra Sanjeewani
රබර් සෝඩා වෙයි
ඉංගිරිසි ජාතික ජෝශප් පී‍්‍රස්ට්ලි රසායන විද්‍යා ඉතිහාසයෙහි අමරණීයත්වයට පත් වූයේ 1774 ඔක්සිජන් සොයා ගැනීම නිසා ය. ඒ කීර්තිමත් සොයා ගැනීම නිසා ඔහු සෝඩා වතුර සොයා ගත් බව අද ලෝකයට අමතකව ගොස් තිබේ. බුබුළු දමන මෘදු දියරයක් ලෙස අද ලොව පුරා බීමක් ලෙස භාවිත කෙරේ. එහෙත් ඔහු සොයා ගත් සෝඩා වතුර එදා ඔහු නම් කළේ ‘රබර්’ කියා ය. එදා ඔහු එය රබර් කියා නම් කළේ පැන්සල් ඉරි මැකීමට ඒවා යොදා ගත හැකි නිසා ය.
මීට අවුරුදු පන්සීයකට පමණ පෙර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ලියූ සටහන්වල ඇති කරුණුවල සත්‍යතාව මිනිසාට අවබෝධ වුයේ බොහෝ කලකට පසුව ය. පොසිල ගැන, රුධිර සංසරණය ගැන, පොළොව විශ්වයේ හරි මැද නො වන බව, වස්තු ඉහළට බිමට පතිත වීම ගැන, මිනිස් සිරුර ගැන ආදී වශයෙන් ලියා තැබූ අදහස්වල සත්‍යතාව අද තහවුරු වී තිබේ.
රජ වාසලේ කවටයා - අන්දරේ
අන්දරේ ශී‍්‍ර ලංකාවේ රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ (රාජ්‍ය කාලය: 1779-1797) රජවාසල කවටයාය. උස් මිටිකම්, තරාතිරම් නො බලා හැමදෙනකුට ම කවටකමින් සංග‍්‍රහ කිරීමට සමත්කම් දැක්වූ සිංහලයෙකි. මාතර දික්වැල්ලේ උපන් අයකු ලෙස සැලකෙන අන්දරේ මිය ගිය තැන පසු කාලයක ඉදි කළ ස්මාරකයක් ද තිබේ. අන්දරේ උපතින් ලත් කවීත්වයක් හා මුඛරිකමක් ඇත්තෙකි. ඒ කාලේ හැටියට සෑහෙන උගත්කමක් ඇති ව සිටි අන්දරේගේ පියා ඔහුට උගන්වන්නට උත්සහ කළ ද ඉන් පලක් නො වීය. එහෙත් ඔහු උපහාසයෙන් හා බුද්ධියෙන් උගතුන් පවා පරදවනසුලූ විය. ඔහු හිටිවන ම කළ කවි නිර්මාණ ද උගතකුට පවා කළ නො හැකි තරම් ප‍්‍රශස්ථ විය. පොතපත ඉගෙනීම නො කළ අන්දරේ මෝඩයෙකැ යි සිතා නොයෙක් අයුරින් ඔහුට විහිළු කර විනෝද වන්නට තැත් කළ අයට ඔහු පෙරළා දුන් පිළිතුරුවල ගැබ් වූ උපහාසය කෙතරම් සියුම් වීද යත් ඉන් පහර කෑ අයටත් නො සිතූ පරිදි රසයක් ලබා දුන්නේ ය. ඒ නිසා ම ඔහු එකල රටපුරා බෙහෙවින් ජනපි‍්‍රය පුද්ගලයක් විය. කවටකම් කිරීමට ඔහු සතු දස්කම් පිළිබඳ කතා ඇසූ රජු ඔහු ගෙන්වා රජවාසල කවටයා ලෙස පත් කර ගත්තේය.
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය:
විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය.
දාර දෙකක් එක පිට එක කර තැනුවා
පාර තිහක් තැළුවට බියකුත් නැතුවා
කොන් සතරයි කනු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මඟ දී දුටුවා
අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
දාර දෙකක් එක ළඟ එක ගැවසීය
පාර තිහක් තැලූවට බියකුත් නැතිය
වට පිට යන කලට කනු සතරින් යාය
මට දැනෙනා ලෙසින් මහ රජ ඉබ්බාය
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)
අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින්බලන්න පුලුවන්.
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය:
විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය.
දාර දෙකක් එක පිට එක කර තැනුවා
පාර තිහක් තැළුවට බියකුත් නැතුවා
කොන් සතරයි කනු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මඟ දී දුටුවා
අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
දාර දෙකක් එක ළඟ එක ගැවසීය
පාර තිහක් තැලූවට බියකුත් නැතිය
වට පිට යන කලට කනු සතරින් යාය
මට දැනෙනා ලෙසින් මහ රජ ඉබ්බාය
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)
අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින්බලන්න පුලුවන්.
Subscribe to:
Posts (Atom)
















